14. චිම්ට පාලුයි

453 80 4
                                    

Jimin's POV

හුම්ම්....මට පාලුයි අෆ්ෆා...!

ටේටේ අද උදෙන්ම බුසාන් වල බ්‍රාන්ච් එකට ගියේ අලුතින් හදන බිල්ඩින් එකේ විස්තර ගැන හොයලා බලන්න...මාත් යන්න තමා හිටියේ නම් ඒත් ඇගට ටිකක් හරි නෑ වගේ දැනුන නිසා මං ගෙදර ඉන්න හිතුවා...

පණ්ඩිතකමට ගෙදර හිටියට මොකද දැන්නම් මාර කම්මැලි....! මේ තඩි ගෙදර එකා යකා කියලා ඉන්නෙත් ඉතින් මං නේ...

තව ඉතින් ඉන්නෙ ගෙදර මුරට ඉන්න අන්කල් විතරයි... මට තේරෙන්නෑ මෙච්චර වයසක මනුස්සයෙක් මුරට තියන් ටේටේ මොනා කරනවද කියලා...
අඩුම එයාට එයාගෙ වැඩවත් කරගන්න බෑ...

අනේ මන්දා මේ ටේටේගෙ වැඩ වෙලාවකට හරිම විකාරයි...¿

ටික ටික හවස් වෙද්දි නම් මගේ පාලුව මැකිලා ගියේ මං ආසම ෆිල්ම් එකක් බලන්න ගත්තා නිසා... ආස දේවල් කරද්දි වෙලාව යනවා කියලා දැනෙන්නෙම නැති තරම්...!

'දඩාස්...!"

මටසිරි මොකක්ද ටකෝව් ඒ සද්දේ...හොල්මන්ද දන්නෙ නෑ...!?

අවුරුදු 26 ක් උනාට මොකද මං තාම පොඩි එකානේ...ඉතින් හොල්මන් වලට බයයි....!

සද්දෙ ඇහුනේනම් ගාර්ඩන් එක පැත්තෙන්...?

හිමින් සැරේ අඩි තියලා මං ගාර්ඩන් එක දිහාට යද්දි මං හිටි තැනම ගල් උනේ සෑම් අන්කල්ව දැකලා...

ඒත් ,

අන්කල් හිටියේනම් තනියම නෙවේ...!

මොකක්ද මේ වෙන්නේ....?

Jimin's POV End


^_^










ගිහින් එඤ්ඤාංං....! ♥

BMQ~

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now