11. මුල්ම හේතුව

577 95 1
                                    

FLASHBACK

"ටේටේ.....!'

"ම්ම්ම්...."

"ටේ.....?"

"ම්ම්ම්ම්..."

ජිමින් කතා කරන හැමපාරම ලැප් එකට ඔලුව ඔබන් තේහ්‍යුන්ග් 'හ්ම්ම්' කියලා විතරක් උත්තර දෙද්දි ජිමින් තොල් පිට පෙරලගෙන තේහ්‍යුන්ග්ට රැව්වා...

"මොනාද අනේ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ බස්සෙක් වගේ...මාත් එක්ක කතා කරන්නකෝ ටේ...."

ජිමින් තේහ්‍යුන්ගේ ටේබල් එක ඉස්සරහ පුටුවෙන් වාඩි වෙලා මේසෙන් අත දෙක තියන ගමන් කිව්වාම තේහ්‍යුන්ග් ජිමින්ට අවදානේ දීලා ලැප් එක පැත්තකට කරා....පුටුවෙන් හේත්තු වෙලා ඇගේ හිරි කඩපු තේහ්‍යුන්ග් නැගිටලා ජිමින් දිහාට එද්දි ජිමින් බෝල කරගත්ත ඇස් වලින් තේහ්‍යුන්ග් දිහා බලන් හිටියා...

"මිස්ට පාර්ක් ජිමින්....! ඔයාට මොකක්ද වෙන්න ඕනෙ ම්ම්ම්..."

තේහ්‍යුන්ග් ජිමින්ගේ පුටුව තමන්ගෙ පැත්තට හරවගෙන ඒ දෙපැත්තෙන් අත් තියලා ජිමින්ගේ මූනට නැඹුරු වෙන ගමන් ඇහුවා....ජිමින් මූනත් පුම්බන් තේහ්‍යුන්ග් දිහා බැලුවේ එයා දැන් 'පාර්ක් ජිමින් නෙවේ කිම් ජිමින්' කියන්න වගේ....

"ඔයා මට ආදරේ නෑ....!"

ජිමින් අහක බලන් කියද්දි තේහ්‍යුන්ගේ මූන අදුරු වෙලා ගියා...

"කව්ද එහෙම කිව්වෙ ම්ම්ම්...බබා අපි ඉන්නේ ඔෆිස් එකේ...මේ අපේ ගෙදර නෙවේ...ඔයාටමයි ගෙදර ඉන්න බෑ කිව්වෙ...ඒ නිසයි මං ඔයාට මේ ජොබ් එක දුන්නේ...අනික ඔයා මගෙ කියුට් හස්බන්ඩ් කියලා දන්නෙ අපි දෙන්නා විතරනේ....ඔයා කැමති නෑනෙ කවුරුත් ඒක දැනගන්නවට...සෝ අපි ඔෆිස් එකේ ඉද්දි බොස් ඇන්ඩ් එම්ප්ලෝය' විතරයි ඕකේ...."

තේහ්‍යුන්ග් එහෙම කියලා ආයෙමත් එයාගෙ පුටුවෙන් වාඩි වෙද්දි ජිමින් ගස්සගෙන පුටුවෙන් නැගිටලා තේහ්‍යුන්ග්ට හැටට හැටේ රැව්වා...

"මිස්ට කිම් තේහ්‍යුන්ග් හොදට අහගන්න එහෙනම් මං කියන එකත්....එක.... මේක ඔයා දුන්න ජොබ් එකක් නෙවේ...මම මහන්සි වෙලා ගත්ත එකක්....! දෙක....මට වුවමනාවක් නෑ අනිත් අය මට මේ ජොබ් එක ලැබුනේ ඔයා නිසා කියනවට....තුන...ඔව් හරි ඔයා කිව්වා වගේ ඔයා මගෙ බොස් විතරමයි....මට සමාවෙන්න මගෙන් වුන වැරැද්දට....!"

ජිමින් තරහෙන් කියලා ගස්සගෙන එලියට යද්දි තේහ්‍යුන්ග් හිනාවෙන ගමන් එයාගේ කියුට් හස්බන්ඩ් දිහා බලන් හිටියා...

ඒත් එයා නොදන්නවා ඇති ජිමින්ගේ හිත දැනටමත් ගොඩක් රිදිලා තියෙන බව.....

FLASHBACK END



>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now