22. පලිය ( END )

582 87 24
                                    

තේහ්‍යුන්ග් තමන්ගේ ගාඩ් එකේ උදව්වෙන් ජෝයුන් හිර කරන් ඉදපු එයාගෙ හුස්ම පොදව බේරගන්න සමත් වුනත් එයා හිටියේ කලකිරීමෙන්...මොකද ජෝයුන් කියන මනුස්ස වේශෙන් ඉන්න අමනුස්සයා එයාගේ රෝස මලව තලලා දාලා...

ඇග පුරාම දම්වැල් පාරවල් කස පාරවල් වලින් පිරිලා ගිහින්...ඒ නිකලැල් හම අද එයාට පෙනුනේ තලලා දාපු යකඩයක් වගේ...මෙච්චර කල් තමන් ආදරෙන් පරිස්සමින් බලාගන්න ආදරණීය මනුස්සයාව ජෝයුන් එක මොහොතින් පොඩි කරලා දාලා...

තමන්ගේ තාත්තා වුනා කියලා තේහ්‍යුන්ග් එයාගෙ හැම වැරැද්දක්ම ඉවසන්න ඕනෙද...? සමාව දෙන්න ඕනෙද...? නෑ කොහොත්ම නෑ....

තේහ්‍යුන්ග් දන්නවා තාත්තාව පොලිසියට අල්ලලා දුන්නොත් එයා ඊලග මොහොතෙම තමන්ගේ බලය පාවිච්චි කරලා නිදහස් වෙන බව..ඒ නිසාමයි තේහ්‍යුන්ගේ තීරණේ කරේ තමන්ගෙම තාත්තාගෙ ඉරණම එයාගේ අතින්ම ලියලා ඉවර කරන්න...

තේහ්‍යුන්ග් ඒ දේ කරා...එයාගෙ අම්මාට , එයාගේ අයියාට , එයාගෙ චිම්ට දුන්න හැම වේදනාවකටම තේහ්‍යුන්ග් පලිය ගත්තා...! අන්තිමේදි නියම පුතෙක් විදිහට තේහ්‍යුන්ග් එයාගෙ තාත්තාගෙ අවසන් කටයුතුත් තමන්ගෙ අතින්ම ඉවර කරා....මිනිමැරුම සම්බන්දයෙන් කිසිම සාක්ශියක් ඉතුරු නොවෙන්න එයා වැඩ කරා වගේම දවස් දෙකකට පස්සේ තමන්ගෙ මනුස්සයෙක් ලවා ඒ පිලිබද පොලිසියට අහිරහස් තොරතුරු යැව්වා...

තේහ්‍යුන්ග් එයාගෙ පලිය ගත්තේ ඒ විදිහට...!

_

"අනේ ටේ....!"

තේහ්‍යුන්ග් මෙච්චර වෙලා කියපු හැම වචනයක් ගානේම ජිමින්ට දැනුනේ පුදුමාකාර දුකක්....අනාථයෙක් වුන ජිමින්ව ආදරෙන් බලාගත්ත එයාගේ හස්බන්ඩ් මෙතුවක් කල් මෙච්චර වේදනාවකින් ජිවත් වුන කෙනෙක් කියලා ජිමින් දැනන් හිටියේ නෑ...

ඇත්තටම තේහ්‍යුන්ග්ට ඒ දේවල් ආපහු මතක් කරන්න අවශ්‍ය උනෙත් නැහැ...ඒත් ඒ දේවල් ආපහු ගොඩ ගත්තේ එයාගෙම තාත්තා...අවුරුදු දහයකට උඩදි ජෝයුන්ගෙ ඉල්ලීගල් වැඩ නිසා හතුරෝ අතින් තේහ්‍යුන්ගේ අම්මාට වගේම අයියාටත් ජිවිතෙන් වන්දි ගෙවන්න උනා වගේම තේහ්‍යුන්ග් හිත හදාගෙන ජෝයුන්ට සමාව දුන්නා...මොකද තේහ්‍යුන්ග්ට හිටියේ එයාගෙ තාත්තා විතරයි...

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now