18. අවසාන ඉරණම

420 80 2
                                    

ටිකකට කලින් ගෙදර ගාර්ඩන් එකට වෙලා අවසිහියෙන් කෑ ගගහා අඩපු තේහ්‍යුන්ග් දැන් වෙද්දි ඉන්නේ ගාරා වැටුන පුංචි ලී ගෙයක් ඉස්සරහ...

කිසිම හැගීමක් නැති මූණකින් ඉස්සරහට තියන තියන අඩියක් ගානේම තේහ්‍යුන්ගේ හිත එයාගෙ අසරණ ජිමින් වෙනුවෙන් වැලපුනා...ඒත් කොයිම වෙලාවකවත් එයාගෙ ඇහින් කදුලක් නම් වැටෙන්න එයා ඉඩ දුන්නේ නැහැ...

මොකද , තවදුරවත් එයාට දුර්වලයෙක් වගේ හැසිරෙන්න බෑ...! මේක අඩලා දොඩලා විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නොවන වග තේහ්‍යුන්ග් හොදින්ම දැනන් හිටියා...

'ක්‍රීස්.....!'

කාලයත් එක්කම දිරලා ගියපු ලී දොර ඇරෙද්දි ආවේ මහා එපා කරපු මූසල සද්දයක්...

"ක්..කව්ද උබ...? පේන්න ව..රෙන් යකෝ..."

අදුරු ලී ගෙය ඇතුලින් ඇහුනේ වියුරු වැටුන කටහඩක්...ඒ කටහඩේ අයිතිකාරයට තවමත් තේහ්‍යුන්ග්ව අදුරගන්න බැරිවුනේ තේහ්‍යුන්ග් හිටියේ හද එලියට පිටුපාලා නිසා..

තේහ්‍යුන්ග් කට කොනින් හිනා වෙලා වහලේ කැඩුන ලීයකින් වැටෙන ලා එලියක් වැටුන දිහාට ඇදුනේ ඔච්චරටම ආස එකේ එයාගේ මූණ කටහඩේ අයිතිකාරයාට පෙන්නන්න...

"ත්..තේහ්‍යුන්ග්....!!"

ඇහෙන නොඇහෙන ගානට වියුරු කටහඩේ අයිතිකාරයා මිමිණුවේ ඇස් අදහා ගන්න බැරුව...

රතු වුන ඇස් , ඉලිප්පුන නහර වැල් , කිටි කිටියේ වදින දත් වගේම සමච්චල් සහගත කට කොනේ හිනාව නිසා තේහ්‍යුන්ග්ව එයා දැක්කේ තමන්ගේ අවසාන ඉරණම හැටියට...!




^_^

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now