12. හාදුව

601 101 4
                                    

අතීත මතක වල ගිලිලා ඉද්දි එයාගෙ කොන්ඩේ අතරින් සීතල සිනිදු ස්පර්ශයක් දැනෙද්දි තේහ්‍යුන්ග් අකුණක් ගැහුවා වගේ කෙලින් වුනාම එයා දැක්කේ ඇස් ගිලෙන හිනාවකින් එයා දිහා බලන් ඉන්න එයාගේ කියුට් හස්බන්ඩ්ව....

"ක්..චිම්....?"

"මං ඉල්ලන ඕනෙ දෙයක් දෙනවද....?"

ජිමින් අහද්දි තේහ්‍යුන්ග් ලස්සනට හිනාවෙලා ජිමින්ගෙ රෝස කොපුලකින් හාදුවක් තැවරුවා...

"අහගෙනද හිටියේ මං කියපුවා ම්ම්...කියන්නකෝ මොනාද ඕනේ....."

"ඒනම් තව එකක් ඕනේ...."

"ඇහ්....?"

"කිස් එකක් අනේ...."

ජිමින් කටත් උල් කරන් කියද්දි තේහ්‍යුන්ග් හිනාවෙලා ජිමින්ගේ මූණ පුරාම හිමි හිමින් හාදු තිබ්බේ එයාගෙ ඔලුවේ තුවාලේ පෑරෙන්නෙ නැති විදිහට....ජිමින් තේහ්‍යුන්ගේ තොල් නිසා දැනෙන කිතියට හිනා වෙද්දි තේහ්‍යුනුත් හිනාවෙලා එයාගෙ ඔලුව හිමින් අතගෑවා...

"රිදෙනවද....?

තේහ්‍යුන්ග් ඇස් වල කදුලු පුරවන් අහද්දි ජිමින් නෑ කියන්න හිමින් ඔලුව වැනුවා...

"මොකක්ද වුනේ මැනික...කොහොමද ඔයා වැටුනේ...."

"ම්..මං මේ ගියේ මූණ හෝදගන්න....මං බාතෲම් එකට ගියේ දුවගෙන...වතුර නිසා ලිස්සුවා...."

"මූණ හෝදන්න ගියේ කදුලු හංගන්නද....?"

තේහ්‍යුන්ග් අහද්දි ජිමින් කට ඉරක් වගේ කරගත්තා...

"මට සමාවෙන්න...."

"ඒකට කමක් නෑ ටේ...මං තරහා නෑ....මාත් වැරදිනේ....ආයෙ මං ඔෆිස් යන්නේ නෑ...මං ගෙදරට වෙලා ඔයා එනකම් බලන් ඉන්නම්....හී....."

ජිමින් හිනාවෙලා කියද්දි තේහ්‍යුන්ග් එයාගෙ පෙට්ටි හිනාව දැම්මා....

"එතකොට මට මගෙ කියුට් හස්බන්ඩ්ව බලන්න රෑ වෙනකම්ම ඉන්න වෙනවානෙ ම්ම්...මොකද කියන්නේ මගෙ සෙකට්‍රිගෙ ප්ලේස් එකට ඇප්ලයි කරන්න ආසාවක් නැද්ද....?"

තේහ්‍යුන්ග් කියද්දි ජිමින් ඇස් ලොකු කරන් එයා දිහා බැලුවේ පුදුමෙන්....

"ඔය ඇත්තමද....? "

"යස් මයි බේබි බෝයි...යූ කැන් බී මයි පර්සනල් සෙකට්‍රි.....!"

තේහ්‍යුන්ග් ජිමින්ගෙ කම්මුලක් මිරිකන ගමන් කිව්වා...

ජිමින් දිලිසෙන ඇස් වලින් තේහ්‍යුන්ග් දිහා බලන් ඉද්දි තේහ්‍යුන්ග් ජිමින්ගේ කම්මුලක් සිනිදුවට පිරිමදින ගමන් ජිමින්ගේ රෝස පාට පිරුණු තොල් මතට නැබුරු වුනේ ආදරනීය හාදුවට මුලපුරමින්....

___නිමි___


නෑ නෑ ඉවර නෑ....!

Season 2 තියේ බ්ලූස්...ඒකත් ලගදිම මේකටම ඇඩ් කරනෝ...!

මොනාහරි කොටාගෙනම යන්න හොදේ...🥺

ගිහින් එඤ්ඤාංං....♥

BMQ~

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now