#තෙවන_පිටුව 💞

892 126 1
                                    

මම මහරගම ටවුමට හවසට වැඩි වාර ගානක් යන්න පුරුදු උනා.. ඒ වෙනද වගේ පබ්ලික් වොශ් රූම් එකට යන්න නම් නෙවෙයි ලියනගොඩ සර්ගේ ක්ලාස් එක ඉවර කරලා එන ළමයි බලන්න..
දවස් ගානක් මම ගියත් මට එදා අහම්බෙන් දැකපු කොල්ලව හොයා ගන්න බැරි උනා..

දවස් ගානේ ගෙවිලා ගියා..
ගෙදරින් අක්කගෙන් කෝල් එකක් ආවා..
ජොබ් එකට ඇවිත් ගෙදර එන්නයි කියලා.

"මල්ලි ගෙදර එන්න ඔයාට ලිව්මක් ඇවිත්.."

"කඩලා බැලුවද.."

"නෑ.."

"බලන්න.."

"මං හිතන්නේ ආණ්ඩු රස්සාවක් වෙන්න ඔනේ.."

"ම්.. බලලා කෝල් එකක් දෙන්න.."

කිව්වා වගේම ආන්ඩුවෙ රස්සාවකට ලිව්ම ඇවිත් තියෙන්නේ..
චරියටත් ඇවිත් තිබ්බ නිසා දෙන්නම ඉන්ටව් ගියේ එකට..

"මොන මගුලෙ ගියත් කමක්නෑ පොඩී මේකවත් හරියට කරගනින් කාලකන්නි උනා ඇති.."

"උබ දන්න්වනේ මම ආණ්ඩු රස්සාවලට කැමති ඇයි කියලා, වැඩක් කියලා නෑනේ බං.. අයිස් පාරක් කෙලගෙන ඉන්න තියෙන්නෙ..."

"එහෙමයි කියලා උබ නටහන්කො මේ පාරත් හොද ජව්සමක්.."

"ජව්සමක්.. කොහෙන්ද බං ඔය වචන හොයා ගන්නේ.."

"මේ විකාර නෙවෙයි බං පොඩී උබට මොලයක් තියනවනේ.. බලහන් අපෙ වයසත් යනවා.."

"වයස යන්නෙ ඉස්සරහටනේ.."

"ඔව් උබ යන්නෙ පස්සනටනේ එකනේ අවුල.."

"ඇති ඇති උබෙ බන.. යමන්.."

ඉස්සෙල්ලම දවසෙ චරියගෙ වැදි බණ ටික අහලම මට වැඩට යන්න උනා.
අපිට වැඩ තිබ්බේ යූ ඩී එකේ, බත්තරමුල්ලේ..
එකෙදි මටම හරියට සෙට් එකක් හම්බුන එක චරියට නම් හැපී එකක් නෑ වගේ දැනුනා..
කාලේ හෙමින් හෙමින් ගෙවිලා ගියා..
වැඩත් එක්ක නෙහාන්වත් ගොඩක් මිස් උනා මට.
සති අන්තෙ නිවාඩු නිසාම මම උදේම නැගිට්ටෙ පුරුද්දටම වගේ..
නෙහාන්ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබ්බ නිසාත් උදේම කරටි කැඩෙන්න නැගලා තිබ්බ නිසා දැනුන ෆීල් එකෙන්ම මම නේහාන්ට ගත්තා..

"මොකො.."

"මොකෝ අහන්නේ මොකෝ.."

"එපා ශාලිය අයියා.. ඔයා හරි නරකයි.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now