#සයවන_පිටුව 💞

663 82 3
                                    

*සති දෙකකට පමණ පසු *

දවස් කිපයක් ඔහේ ගෙවිලා ගියා..
ඔෆිස් එකේ යලුවො සෙට් එක ආයෙම සෙට් උනේ පොඩියට අපි දවසක් ඩේ අවුට් එකක් ගිය නිසා.
සෙට් එකෙන්ම රෙඩාට ඕනේ බොන්න.
ඒ නිසා ඌ නිසාම අපි සෙට් උනා ඩේ අවුට් එක යන්නම..
එතකන් පූරා, කස්සා එහෙම අපි එක්ක වැඩිය කතා කලේ නෑ..

හවසට මහරගමදි අන්තිමට සෙට් වෙලා විසිරිලා යන අපි සිගරට් එකක් බොන්න මහරගම පොල ගාව නෙල්වි අයියගේ කඩේට සෙට් වෙන එක පුරුද්දක් වෙලා තිබ්බා.
අතෙ තිබ්බ ඔරලෝසුව පේන්න ඕනේ නිසා මම ශර්ට් එකේ අත ඉස්සුවා, 4.10යි මම චරියට ඇහැක් ගැහුවේ යන්න ඕනේ නිසා..

"අපි කැපෙන්නද බං.."

"හිටහං තාම තේ එකවත් ඉවර නෑනේ.."

"ඇති බං.. යමං චරියා.. තෙල් ටිකක් ගහ ගන්නත් ඕනේ..."

මම චරියත් ඇදගෙද එන්න ආවා..
මම ගියේ කෙලින්ම ෆ්‍රෙට්‍රල් සෙඩ් එක ලගට. වෙලාවට මම පරක්කු නෑ.. මම තෙල් ගහන්න කියලා ආව නිසා තෙල් ගහන ගමන් බැලුවේ පන්ති ඇරිලා එන පොඩි උන් ටික දිහා..

"සර්, මෙකේ තෙල් තියනවා.. 200ට වඩ ගහන්න බෑ.."

"අහ් හරි. අහ් මෙන්න.."

මම 200ක් දිලා නොන්ඩි නොවී ආවේ චරියත් අපිට ඇහෙන මානෙකම ඉන්න නිසා..
ඒත් එක්කම මට කෝල් එකක් ආවා.
ඒ නෙහාන්ගෙන්.
අර පොඩි එකත් එවෙලාවෙම ගෙට් එකෙන් එළියට ආවා. මම ෆෝන් එක සාක්කුවේ දාගත්තේ ආන්ස්වර් නොකරමයි.
දවස් දෙකකින් නෙහාන් ගත්තෙත් නෑ. දැන් තමා ඌටත් මොල ගහලා තියෙන්නෙ.. දිගින් දිගටම කෝල් ආවා..

"කවුද බං ඔය.."

"යාලුවෙක්.."

"ගනින් ඉතින්.."

"මම සල්ලි වගයක් ගත්තේ. හෙට දෙන්න වෙන්නෙ. කමක්නෑ ගිහින්ම ගන්නවා.."

"කියක්ද.."

"5ක්.."

මම කිව්වෙ කටට ආව බොරුවක්..

"5ක්..?"

"ම්.."

"මං අතෙත් නෑ එච්චර නම් දැන්..
මොනාද එච්චර වියදන් පොඩී උබට..."

"බොඩින් ෆීස් දෙන්න ගත්තේ බං.."

"අනේ මන්දා උබටත් පුදුම කැහිල්ලක්නේ තියෙන්නෙ... අපෙ ගෙදර වරෙන් කිව්වම, රටට ණය වෙවි බොඩිම් ගනේ ලගින..."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now