#එකලොස්වන_පිටුව 💞

484 81 2
                                    

ජිවිතේ වෙන්න තියන දරුණුම මේ වෙලා තියන දේ නොවුනත්, මගේ ජිවිතේට පූර්ණලා කරලා තිබ්බ හානිය අවම උනත්, මම ඉදියේ පූර්ණ එක්ක කියා ගන්න බැරි තරහකින්.. හේතුව
ඌ විතරක් ඇවිත් ගැහුවා ගුටි කෑවත් නම්බුයි.. අනික මූණටම නෙවෙයි පිට පස්සෙන් ඇවිත් ගැහුවේ කොන්දක් නැති පර හැත්ත.. මම හැමවෙලේම හිතුවේ ඕක..
මට ලොකු ප්‍රශ්නයක් තිබුනේ එදා උන දෙයින් පස්සෙ මට කිසි දෙයක් මතක නැති එක. මම ඒ මතකෙන් පස්සෙ අවදි වෙද්දි ඉදියේ හොස්පිටල් එකේ.. ඒ අතරේ උන දේවල් මම කිසි දෙයක් දන්නෑ.. චරිත් මොනවා හො දන්නවා උනත් මට නොකියා ඉදියා. ඒ චූටි නිසා වෙන්න ඇති..

චරිත්, උබ එන එක දවසක් නෑර මම ඇහුවට මාව මග ඇරියා මිසක් කිසි දෙයක් කිව්වෙ නෑ
දවසක් මට අමතක උන හැමදේම කොල්ලෙක් ගෙන් අහ ගත්තා..
ඒ කොල්ලො දෙන්න ආවේ මාව බලන්න දවාලෙක..

"මල්ලි, උබ ශාලිය නේද?"

"ඔව්, කවුද මචං උබ ."

"අම්මා.. බලහංකො ඔහොම ඉන්න්නවා දකින්නත් සතුටුයි..."

"අඩෝ සමාවෙයන් බං, කවුද උබලා.."

"කවුද උබේ යාළුවා, කවුද, සරිත්ද, සුරිත්ද, කොහෙද කිව්වෙ නැද්ද සීන් එක.."

"නෑ. මොනා ගැනද..?"

"අපි තමා උබව ගෙනාව හොස්පිටල් එකට.."

"අ.....අහ්, කොහේ ඉඳංද.."

"කජු ගහ ගාව, ඇක්සිඩන්ට් එක උන තැන ඉදන්..
අපි උබෙ පර්ස් එකේ තිබ්බ නම්බර් එකකට කෝල් කරලා කියලා තමා උබව හොස්පිටල් ගෙනල්ලා දැන්මේ...
ඊට පස්සෙයි උබට කෝල් එකක් ආවේ, ඒ උබේ සරිත්ද සුරිත්ද කියලා කොල්ලෙක්ගෙන්.. ඌට සීන් එක කියලා ඌට බාර දීලා අපි ගියා.. ඌ බොක්කෙන්ම බැහැල උබ ගැන බලපු නිසා අපි හිතුවා උබට ඔක්කොම කියන්න ඇති කියලා...
හරි ඒව කමක්නෑ.. කොමද දැන් උබට."

"අඩෝ තැන්ක්ස් බොක්ක.. මට ෆට්ටම සතුටුයි උබලව දකින්න ලැබුන එක ගැන.. මගෙ යාලුවා චරිත්, ඌ ලොකු කතාවක් කියන්න තියනවා කිව්වෙ මේක වෙන්නැති එහෙනම්.."

"ම්.. එක නෙවෙයි පොලිස් , ඩොක්ටර්ස්ලාගෙ රිපොර්ට් ආවද.."

"එන්නැති, මම බැලුවේ නෑ මචන්ලා..."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now