#සිව්වන_පිටුව 💞

764 107 1
                                    

නෙහාන් එක්ක හිතෙ බයක් නැතුව මම ටිකක් රෑ වෙනකම්ම ඉදලයි බොඩිමට ආවෙ මහ රෑ.
හිතෙ තිබ්බ තරහ මරහ හැමදේම ඉවරයක් උනේ ඇදට නගින්නත් කලින්මයි..

"අයියේ ඔයා නැතුව ඉන්න බෑ.."

"අනේ මේ, හිටියෙ දවස් තුනක්.. බොරුව දන්නෙපා දැන්.."

"නෑ බාප්පා ගෙදර හිටියා මේ ටිකේම.. වැඩ ඉතින්.."

"ම්.."

"ඔයාට නම් ගානක්වත් නෑනේ.."

"මම කිව්වනේ.."

"පන්ඩිතකමයි, ලොකු කමයිනම් ඉහටත් උඩින්.."

"එහෙම තමා කොල්ලොනේ.."

"ඉතින් මමත් කොල්ලෙක්නේ.."

"ඔයා කොලු බාගයක්නේ.."

"අනේ මේ මගේ කට අවුස්ස ගන්නැතුව ඉන්නවද.."

"ම්.. හරි හරි කො.."

"අව්ව් රිදෙනවා, එපා..."

"මොකද මේ..."

"ඔන්නෑ, එපා කිව්වනේ.. "

"ච්චි, එන්න ඉතින් කිව්වම..."

"රිදෙනවා අනේ.. මිරිකන්නෙපා.."

"අනේ, ඇයි ඒ.."

"දන්නෑ.. ඊයෙ හවස සතෙක් කාලා මං හිතන්නේ.. මල් වලට වතුර දාද්දි.."

ආසාවෙන් කරන්න හදපු එකත් එපා කිව්වෙ තරහටමද මන්දා.. මම ආසම ඒකට.. පස්චාත්භාගේ මිරිකන ගමන් කිස් කරන්න. එතකොට මාරම ෆීල්.. මම මිනිකන්න බැරි නිසා නෙහාන්ගේ පස්ස අත ගාන ගමන් නෙහන්ගෙ අත මෙගේ බොටමෙ නූල බුරුල් කරලා ඒක ඇතුලට දා ගත්තා..

මම බොඩිමට වෙලා ඒ මතකයන් එක්කම නිදා ගන්න ඇති. මට ඇහැරුනේ චරියගේ කෝල් එකට..

"ගුඩ්මෝනිම් උබනැගිට්ටද.."

"ඔව් මේ දත් මදින ගමන්.."

"පුදුමයි.. හරි එහෙනම්.රෙඩි වෙලා පරට වරෙන්.."

"ම්.."

දත් මදින ගමන් කියලා නොකිව්වනම් ඉතින් දන්නවනේ.. මම ඉක්මනින් නැගිටලා ඔෆිස් යන්න රෙඩි වෙලා පාරට ආවේ චරියට මිස් එකක් ගහගෙනමයි..

ඔෆිස් එකේ සුපුරුදු විදිහට වැඩ ටික උනා.. මේ අතරෙදි තමා පූර්ණ දා ගත්ත කේස් එක ලොකුවටම ගිහින් තිබුනේ..
ආයේමත් මූ ඒ කොල්ලට මොනා හරි කියන්න ඇති..
චරියා මට කියද්දි මගේ හිත කිව්වෙ එහෙමයි..

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now