#තිස්වන_පිටුව 💞

1.5K 98 21
                                    

එතනින් එහා පිටු දෙකතුනක් පෙරලුවත් කිසිදෙයක් ලියලා තිබ්බේ නෑ.. මට මගෙ ඇස් තෙමෙන්න ගත්තා නොදැනිම..
මේ තරම් දුකක් උබ කෝමද ඉහිලුවේ චරිත්.. උබ මේ තරම් කැපකිරීමක් මොකටද මං වෙනුවෙන් කලේ. ඇයි උබේ මොනාද අඩු.. උබ මගේ හොදම යාලුවා. මට උබ ගැන දැනුනේ එහෙම.. ඒත් උබ මේ තරම් ආදරේ කලා කියලා දන්නව නම් මම වෙන කිසි කෙනෙක් ගාවට යන්නෑ මැණික.. ඇයි මෙහෙම දෙයක්.. මට දරන්න බෑ චරිත් මේක..
මගෙ හිත කෑ ගහලා මට ම බනිද්දි හැමදේම ටිකකට නවත්තලා මම පොතත් වහලා අල්ලෙන් ඇස් පිහ ගත්තේ එලියෙන් දොරට තට්ටු කල නිසා..

"අහ් නංගි.."

"අයියගෙ ඇදුම් ටික නවන්න බැලුවෙ.."

"හරි ඔයා වැඩ කර ගන්න.."

"නෑ අයියා ඉන්න.."

"නෑ එන්නකො... කෝ නුවන්."

"දැන් හිටියා අයියේ.. එලියේ බලන්න ඇති.."

මම පොතත් අරන් කමරෙන් ඇවිත් නුවන්ව හෙව්ව.. ඒත් ඌ පේන්න හිටියේ නෑ.. මම පොතත් අරන් බයික් එක ගාවට ආවා.. මං කරන්න ඕනේ මොකද්ද.. මට උනේ මොකද්ද කියලා කිසි දෙයක් හිතා ගන්න බෑ.. මම බයික් එකට නැගෙගේ කොහේ යන්නද කියලා වත් අරමුණක් නැතුව..

"අයියේ.."

මං ගාවට ආව නුවන්ව මම බදා ගත්තා.. *මට සමාවෙයන් නුවන්.. මම උබගේ අයියට මොනාද බං මේ කරලා තියෙන්නේ.. ඌ මගේ හොදම යාලුවා බං.. ඌ හැමදාම කිව්වෙ ඒ ටික විතරයි නුවන්.. ඌ ඊට එහා කිසි දෙයක් මට කිව්වෙ නෑ රත්තරනේ.. ඇයි මට එහෙම නොකිව්වෙ.. උබට ඒ කිසි දෙයක් කිව්වෙ නැද්ද.. ඇයි මේ පොතේ අනිත් ටික නැත්තෙ.. මට දැන ගන්න ඔනේ නුවන්.. උබගෙ අයියා මට තාම ආදරෙයිද.. ඒත්  මම මොනාද දැන් කරන්නේ බං.. මම.. මට... * නුවන්ව බදාගෙන කියන්න හිතුන හැමදේම මම හිත ඇතුලෙන් කියව කියව ඌව බාදාගෙන ඉදපු එක විතරක් කලා.. පපුව ඇතුලෙන් තණි ගිණ්නදටක් විතරක් දැනුණා.. කරන්නෙ මොකද්ද කිසි දෙයක් මට තෙරුනේ නෑ.. නුවන් මාව උගේ ඇකයෙන් ඈත්කරද්දිමට නුවන් දිහා බලන්න බැරි කමක් දැනුන නිසා මම මගේ චරිත්ගේ චරිත පොත දිහා බලා ගත්තා..

"මේ අහ්න්න අයියේ මම කලේ වරදක්.."

"මොකද්ද.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now