#පසුවදන 💞

1.3K 95 50
                                    

ඉස්සෙල්ලම ස්තූතී වනත වෙනව ඔයාලා හැමෝටම මං එක්ක රැඳිලා හිටියට.. මොකද මේක වෙනස්ම කතාවක් උනා.. මොකද කිව්වොත් මේක මගේ ඔලුවට ආව කතාවක් නෙවෙයි කෙනෙක් කියපු කතාවක්. කොහොම නමුත් කතාවෙ මැදක් හරියට යද්දි මට විස්තර ලැබුනෙ නෑ. එයා ෆේක් එකෙන් ගිහින් තිබුනා.. මට විස්තර නැතුව අතරමං උනා. මොකද කතාව ගලපගන්න අමාරු උන නිසා. දවස් 4ක් විතර කතව නොදා ඉද්දි මාව විශ්වස කරපු අය මං එක්ක ඉදියා.. කතාව ගැන ඇහුව. මම එදා හිතුවා එයාලා වෙනුවෙන් මම මෙ කතාව මගේ විදිහට end කරනවා කියලා..

මොකද මම කතාව නවත්තලා ඉද්දි එයා තමා මුලින්ම ඇවිත් ලියමු මල්ලි ලියමු මේක හිට් එකක් වෙනව කිව්වෙ.. ඇත්තටම කෙනෙක් මාව පුදුම විදිහට මොර්ටිවේට් කලා.. අනිත් අයත් ඒ විදිහයි.. හැමෝටම ස්තූතී වන්ත වෙන්න ඔනේ මට වචනෙකින් හරි ලියන්න හිතෙන විදිහට අදහසක් දුන්නට.. ඇත්තටම මට ලයික් වැඩක් නෑ. මට ඕනේ කමෙන්ට්ස්.. මොකද මම ඒව කියවලායි සතුටක් ලබනව නම් ලබන්නෙ.. මට මුලදි ඒ සතුට ලැබුනේ නෑ. ඒත් මම හිතා ගත්තා. බැරි දෙයක් නෑ කියලා. මට වැරදුන තැන ඉදන් මම අපහු හදාගන්න උත්සහ කලා..
ගොඩක් අය මාව දලා ගියා මුලදි. ඇත්ත මම පිළිගන්නව, මුලදි කතව රහ නෑ.. ඒත් ඒ ටික නොලියා මේ වගේ එන්ඩින් එකකට එන්න ලෙසියෙන් බැහැ. එකයි.. ඒක නොතෙරුන ගොඩක් අය..මාව මුලින් දැක්ක විදිහට නොපෙනුන නිසා මැසෙන්ජර් වල මැසේජ් පවා දැන්මා.. කතාව ගතියක් නෑ කියලා. මම එයාලට ගොඩාක් ස්තූති කරනව එයාලා නිසයි මම මාව තෙරුම් ගත්තේ. මගෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ කියලා මට තෙරුනේ...
මම ******** අක්කට එදා කිව්ව, අක්ක මම මේ වෑකන්ද වලව්ව තරම් රැල්ලක් කරන්න බැරි වෙයි. ඒත් මේක කියවන්නේ 100ක්ද ඒ 100ම අඬවනව කියලා..
මම හිතනව මම ඒක කලා කියලා

තව දෙයක් කියන්න ඕනේ කතාව කියවලා ඔයාලා අඬන්න කලින් අඬපු කෙනෙක් ඉදියා.. ඒ වෙන කවුරුවත් නෙවෙයි.. සකුන්ම තමා. මම ලිව්වෙත් අඬන ගමන්... මම මේ කතවට ෆට්ටෙටම ආදරෙ කලා. මොකද මේක තමා සකුන් කියන්නෙ කවුද කියලා අදුරගන්න ලැබුන එකම කතාව...
ඒ වගේම මේ කතාව නිසා මට ලැබුණ ආදරණීයම මතක සම්මාන ගොඩක් ලැබුනා.. ඒව මම කියන්න යන්නේ නැහැ මෙතනදි..

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now