#දහතුවන_පිටුව 💞

460 75 2
                                    

හවස හැමදාම චරියා මාව බලන්න ආවා.. ඌ නිසා හවස බොඩිමෙදි පාලුව මැකිලා ගියා.. හවසට වොශ් දානවා නම් දාන්නේ ඌ එක්කලා. රෑට කන කෑම එක හැමදාම චරිය ගෙනාවා..

"මේක තියා ගනින්.."

"මොකො සීන් එක.."

"අම්මටත් වියදම්නේ බං.. මටත් හැමදාම කෑම ගේනවා.. උබට සල්ලි ගස් වලින් එනවද.."

"එහෙම එකක් නෑ පොඩියා.."

"හරි, හරී...මේක තියා ගන්නවාකො.."

එදා හවස ඌ යන්න ලෑස්ති වෙද්දි මම කොළපාට මොණර කොල 3ක් නවලා උගේ සාක්කුවට දැන්මා..
මම චරිත්ලගේ ගෙදර ඉදපු ටිකේ මම තෙරුම් ගත්තා ඌ ගෙදර අය නිසා කන කට්ට..
මල්ලියි නංගියිත් බලාගෙන අම්මගෙ වැඩත් කරන් ගෙදර බලා ගන්නේ ලොකු ගේමක් දීලා.. මොනවා උනත් ඒ වගේ සහෝදරයෙක් ලැබෙන්න පිං කරන්න ඕනේ..

ඒකට අපේ අක්කා.. පඩි දාන්න කිට්ටු වෙද්දි ආපහු ගනී මට.. එයා ඒ කාලේ ඉදන්ම තමන්ගේ වාසියට වැඩ කලේ...
ඒ අතින් චරිත්ලා ඇත්තටම චරිත.

චරිත් ගියාම ඌ කතා කරපුවා විතරක් ආයේ ආයේ ඇහුනා.. මොකද ඌ කිව්ව විදිහට හැමදේම කලොත් ජිවිතේ වරදින එකක් නෑ කියලා මට හිතෙන අරන් තිබ්බා..

"උබට ඌ ලං වුන එක ඇත්ත පොඩියා.. ඒත් අපි ඌව තෙරුම් ගන්නොනේ. ඌ තාම පොඩී බං.."

"ම්.. ඇත්ත බං.."

"මට තෙරෙනවා ඒ බර හොදට.. අපෙ අම්මත් අසනීපෙන්නේ බං  ඌ පොඩි එකා... මොනවා කරන්නද ඌ.. ඌ අම්මට මාරම ආදරෙයි.. එදා රෑ අඩ අඩා කෝල් කලෙත්. පව් බං, ඌට නම් වැරැද්දක් කරන්න හිතන්නවත් එපා පොඩියා...."

"පිස්සුද බං, චරියා ඒක නෙවෙයි.. අපේ ඔෆිස් එකෙන් ලෝන් ගන්න පුලුවන් නේ.."

"ම්...ඔව්.. සවින්දිත් ගත්තා ගිය සතියෙද කොහෙද, හැබැයි ලොකු ගානක් දෙන්නෑ මං හිතන්නෙ.. 50ක්ද කොහෙද උපරිම ගන්න පුලුවන්.."

"ම්.. මම බැලුවේ චුටිලගේ අම්මට පොඩියට කෑම හදන්න කෑල්ලක් පාරට වෙන්න හදලා දෙන්න.."

"ශා ඒක නම් මරු හැබැයි ආ.."

"චුටිලා කැමති වෙයිද.."

"ඌට තෙරුම් කරලා දෙමු.. හැබැයි අම්මා නම් කැමති වෙයි.. මොනවා උනත්.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now