#පහලොස්වන_පිටුව 💞

431 63 2
                                    

මම එදා බොඩිමේ ගෙව්පු පැය ගනන් ගැන කල්පනා කලා.. මේ උන සිද්දිය උන වෙලාවෙ චුටි මං එක්ක ඉන්නවා වගේ මතකයක් දැනුන බව මතක් උනා.. ඒම මතකයක් එක්කත් මම ජිවත් උන හැටි මට යාන්තමට මතක කරද්දි එකින් එක මතකෙට ආවා..
මගෙ ඔළුව පිස්සු හදෙන්න වගේ ගත්තා ඒ මතක්වෙන දේවල් වලට.. එත් ඒ මතක්වෙන කිසි දෙයක්  එක දිගට ම මතකෙට ආවේ නෑ කඩින් කඩ චුටී මේ කමරේ ඉදියා වගේ මතකයක් තිබ්බා..
චුටි නෙවෙයි එවෙලේ කමරේ ඉදියේ කියලා කොච්චර හිතුවත් හිත පිලි ගන්නේ නෑ..
ඔව්. කොහොම උනත්, හිත පිලිගත්තත් නැතත් ඔප්පු වෙනවා මම හරි සිහියට ආවම උනේ මොකද්ද කියලා..
චුටි ආව බවක් මට මතක් උනත් චුටි ආවේ නෑ කියන්නේ මම ඒ හැමදේම චරිත් එක්ක කියන එක පිලිගන්නම වෙනවා..

අමු අමුවේ ඔප්පු වෙද්දිත් ඒ චරිත් නෙවෙයි කියලා හිතන්නත් මම බොලද වෙලාද.. මම ඒ ගැනම කල්පනා කලේ ඒ නිසාද ? එවෙලාවෙ අපි දෙන්න විතරයි ඉදියේ... ඒ කියන්නෙ මට මතකෙට එන හැමදේම, කිස් කරපු දේවල්.. එදෙවල් උනේ නැද්ද ඇත්තටම.. නෑ ඒ දෙවල් උනා. කා එක්කද. මම ඇත්ත දැන දැනත් බොරු සක්ශි හෙව්වා.. මම පිස්සෙක් වගේ හැසිරුනා කිව්වොත් හරි..
මට මතක්වෙන දෙවල් හීනයකටත් වඩා දැනෙන්න ගත්තා.. මම එහෙම්ම වොශ් රූම් එකේ බිම ඉද ගත්තා..
මම, මගේ සරම අතට ගත්තෙ දෙයක් මතක් වෙලා.. මම සරම හරව හරව බැලුවා.. බිම තිබ්බ වතුරට සරම තෙත් උනත් ඒ ඝණ පැල්ලම් ඒ වතුරට සෝදන් යන්න බැරි තරමට සරමේ පිහදැවිලා තිබුනා.. දෙයියනේ මේ තරම් දෙයක් උනාද.. මම ඔලුවෙ තිබ්බ කෙස් ටික ගලවලා අතට ගන්න තරම් හයියෙන් ඇද්දෙ මේ සාක්ෂි තෙරුම් ගන්න බැරුව..
එතකොට මම ඒ දෙවල් කලෙත් චුටි එක්ක නෙවෙයිද..මගේ පපුව ගැහෙන්න ගත්තේ චරිත්වත් චුටිවත් එක පාර ඇස් ඉස්සරහා මැවෙද්දියි..
හැමදේම මගේ හිත හැමදේම මතක් වෙන්න ගනිද්දි මට නිදහස් වෙන්න මට සාධාරණ හෙතු හෙව්ව..

"මම යනවා පොඩී.."

"මං එක්ක... ඇදට නගි...න උන් හරි ඉක්..ම...නට බහින..වා බං.."

"විකාර කියවන්නෙපා පොඩී.. දැන් ඔය ඇති.. "

"ම..ට තව..බොන්න.. ඔ..නේ බං.."

"දැන් ඇති බිව්වා බං... චූටි බලාගෙන ඇති.."

"ඌ ඉද..පු දෙන්.. මම.. ඌට වර්..දක් කරන්...න්..නෑ.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now