#විසිඑක්වන_පිටුව 💞

434 67 3
                                    

කඩේ ඇතුලේ එකම සුවදක්... උදේ 10.30ටවිතර කාපු ගමන් අපි දෙන්නම..
කඩේ ඇතුලෙන් වාඩි උනාම ඒ කැම වල සුවද විතරයි දනුනේ.. සමෝසා, වඩේ වල තෙල් සුවද, තොසේ, ඉටිලි වඩේ දල ඉදු සුවද එක්ක චට්නි, සාබාරු වල තුනපහ සුවද එක්ක ආවේ අමුතුම බඩගිණි සුවදක්.. ඒ සුවද නිසාම බඩගින්නේ ඉන්න මට බඩ පැලෙන්න කන්න හදිස්සියක් තිබ්බෙ.. චුටි මගේ ඉස්සරහ පුටුවෙන් ඉද ගත්තාම හැමදේම සම්පූර්ණයි කියලා දනුනා..

"මොනාද මහත්තයලා කන්නේ.."

ටැමිල් කොල්ලෙක් ඇවිත් අහද්දි මම බැලුවෙ චුටි දිහා.. එකා බෑක් එක අවුස්ස අවුස්ස ඉන්නවා.. ඇත්තටම මේ ටැමිල් මුස්ලිම් කඩවලට ගියාම උන් අපිට සලකන්නෙ දෙවියො වැඩියා වගේ...එකට අපේ සිංහල කඩ.. උන් නිසන් අපි නිකං කලා යන්න අවා වගේ උන් වැඩ කරන්නෙ මම ගොඩක් වෙලාවට ගියේ ටැමිල් කඩ වලට.. ඒ ඇයි කියන්න මම දන්නෑ. පිරිසුදුවට කෑම හදන ටැමිල් හොටෙල් එකක් මම නිදහසේ කැම ගන්න ආව වෙලාවක තොර ගත්තා. අවුලකට තිබ්බේ එයලා පාවිච්චි කරන පිගන් කෝප්ප ගොඩාක් එවා ඇලුමිනියම් නිසා යකඩ කම්මලකට අව වගේ කුස්සිය පැත්තෙන් හිටපු ගමන් එන සද්දෙ විතරයි..

"චූටි මොනාද කන්නේ.."

"අයියා කන දෙයක් ගේන්න."

"ටිකක් ඉන්න, අපි කියන්නම්.."

ටැමිල් කොල්ල බලන් ඉන්න නිසා මම ඌව යවා ගත්තා එහෙම කියලා..

"මොකද චූටි මේ.. අහ්.. උදේ ඉදන් හොදට ඉදලා.."

"ඇයි, මට මොකුත් වෙලා නෑ.."

"හරි, කන්නෙ මොනාද කියන්නකො, බඩගිණි.."

"ඉතින්, ඒක තමා.. ඔයා කන දෙයක් ඕඩර් කරන්න.."

"බත් කනවද, තෝසෙ කනවද.."

"බත් නම් කන්න බෑ.. මන්දා.. මට බඩගිණ්නකුත් නෑ වැඩිය.."

මම ටැමිල් කොල්ලට කියලා තොසේ ටිකකුයි ඉටිලියි ගෙන්න ගත්‍තා.. උණුවට ගෙනාව කෑම වලින් එන සුදව මාව පිස්සෙක් කලා...ඉටිලි දැන් දැන් බාපු නිසාමද මන්ද ඉටිලි පිගානෙන් දුම් දානවා.. ඒ දුමෙන් එන ඉදු ඇට තැම්බුන සුවදයි, කරපිංචා වගේ පහේ වර්ග එක්ක තෙල් පාවෙන සාබාරු හොද්දෙන් එන ඇඹුල් සුවදට මං පෙරේතයෙක් උනා කිව්වොත් හරි..

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now