#දාහත්වන_පිටුව 💞

426 66 1
                                    

කවුරු උනත් හිතනවා ඇති මම හැම කරණමක්ම ගහලා චුටිව මගේම කර ගන්නේ නැත්තේ ඇයි කියලා..
අනුන්ගේ පාත්තියක මලක් දැක්කම කඩලා බලන්න ඉබලා බලන්න හිතෙන්වා ඒක ඇත්ත.. ඒත් කවුරුවත් තමන්ගෙ මල් කඩලා ඉබලා බලනවද නෑනේ නේද.. ඒ නිසයි මම චුටිව දුර තියන් ආදරේ කලේ..  චූටිව මට දැනෙන්නෙ මහ අමුතුම විදිහකට.. ඒක කියා ගන්න තෙරෙන්නෑ.. හැම වෙලේම ඌව බලන්න හිතුනා.. එකයි මම ගොඩක් වෙලාවට චරියත් මම එක්ක ගමන් බිමන් නොයන එකේ ඔෆිස් ඇරිලා බොඩිමට නොයා චූටිගේ කඩේට යන්න පුරුද්දක් විදිහට කලේ..

චූටි බරටම වැඩ සමහරක් දාට.. කෑම ඕඩර් කරනවා.. ගණන් හදනවා මම ටේබල් එකක පුටුවක් ඇදන් වාඩි වෙලා බලාගෙන ඉන්නවා.. මට ආඩම්බරයි චූටිගේ අම්මට මේම හැකියාවක් තියාගෙන වටේ කඩවල් පෝසත් කරන එක නවත්තලා මේ වගේ දෙයක් තමන්ට කියලා කර ගන්න එකට..

"පුතා මොනා හරි කන්න.."

"බෑ අම්මා.බඩ පිරිලා.."

"අද අපේ එක්කෙනා බ්ත්තර රොටි හැදුවා කලා බලන්න.."

"අහ් එහෙමද.."

"ම්... චූටි පුතා මේ අයියට ඔයාගේ රොටී දෙන්න කන්න.."

"අනේ අම්මා ඒව කන්න බෑ.."

"ගෙන්න ගේන්න බලමු එකක් කලා.."

චූටි බිත්තර රොටී කපලා හොදිත් දාලා ප්ලේට් එකක් මං ගාවට කිට්ටු කලා..

"කොහෙද යන්නේ වාඩි වෙන්නකො වැඩ්ක නෑනේ.."

"රහ නම් නැතුව ඇති.."

"කො බලමු.."

බොරුකියන්න ඔනේ නෑ.. රහයි.. ඒත් මම මූණ ඇබුල් කරලා රහයි කිව්වම චුටිගේ මූණ දෙක උනා. මම ඒ දිහා බලන් තනියම හිනා උනා.. අම්මත් පේල්ටියක් ගෙනත් දීලා ගියා..

"ඇයි අයියේ.."

"වෙන කඩවල වගේ නම් නෑ..ඒත් හොදයි.."

"මම අම්මට කිව්ව.. "

"එකනේ.. අයේ හදන්නෙපා.. කන්න බෑ.. මැටි වගේ.."

"ඇත්තට.. හ්ම්ම්..  කවන්නද කටක්.."

"එපා.. මම කෑව.."

මම බිත්තර රොටී කෑක්කල් චුටිට දික් කලාම චුටි වට පිට බලලා මං ගාවට මූණ දික් කලේ කටත් ඇරන්.. මම එක මගෙ කටේ දාගෙන හිනා උනා..

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now