#දහඅටවන_පිටුව 💞

408 64 8
                                    

අපි ගත්ත ඇනෙක්ස් එක හරිම පිළිවෙලයි වගේම නිදහසක් ඒකේ තිබ්බා.චුටිත් මම ඔෆිස් ගිහින් එන ටිකට හැමදේම අස්පස් කරගෙන ඉදියේ.. බාත් රූම් එකේ ඉදන් චුටිගේ පිලිවල මම දැක්කා.. නාන්න බේබි සබන් කෑල්ලෙ ඉදන් පිළිවලට ඌ හැමදේම හදලා තිබ්බා.. බුරුදු දෙක දාන්න පොඩි බකට් එකක් හිල් කරලා හරි ලස්සනට තිබ්බා.. සල්ලි වියදම් කරලා කරන්න ඔනේ දෙවල් චූටි කරලා තියනවා දැක්කම මටම හිනායි.. මම සිංදුවක් කියාගෙන වැඩි පුර නාගත්තේ ඔෆිස් ගිහින් ඇත්තටම මහන්සි නිසා.. ඒට් චූටිගේ කටහඩ එලියෙන් ඇහෙන නිසා මම සවර් එක වැහුවේ චුටිගේ වචන පැහැදිලි වෙන්න..

"මොකද්ද.."

"එන්නකො අනේ.. ගෑස් එකක් ගේන්න.. මම යන්නද එහෙනම් පයින්.."

"ඉන්න ඉන්න එනවා.. විනාඩියයි.."

මම ටවල් එකෙන් බාගෙන පිහගෙන ඒකම පටලගෙන එලියට ආවා.. චූටි ගෑස් එකත් කකුල් දෙක ලග තියාගෙන බලාගෙන ඉදියා..

"හත් අවුරුද්දකින් නාලා නෑ වගේනේ.."

"විනාඩියෙන් ඇදුමක් දාන් එන්නම්.."

මම ඉතුරු වතුර ටිකත් පිහගෙන සරමකුයි ටී එකකුයි දාගෙන කමරෙන් එලියට ආවේ ඔලුව පිහද පිහද..

"කෝ.. මගෙ පර්ස් එක.."

"කමරේට ගිය එකේ ගේන්න එපැයි මල වදේ.."

මම ගෑස් එක බයික් එක උඩින් තියලා තද කරලා ගැටහගෙන ආපහු ආවේ සල්ලි ගන්න..

"අහ්.."

"ම්.. කියක් වෙයිද 1000ක් ඇතිද..?"

"ඇති ඇති.. ගෑස් එකකවත් ගාන දන්නෑ කියන්නේ ඉතින් අහන්න දෙයක් නෑ.."

"මම උයන් කලා නෑ මනුස්සයෝ.."

මම සල්ලි අරන් කරේ දාන් තිබ්බ ටවල් එක චුටිගේ මූණට දැන්මා..

"කෝ මෙහෙ එනවා ඔලුවේ වතුර.."

චුටි ටවල් එක අරන් මගෙ ඔලුව පිහද්දි මම පොඩි එකෙක් වගේ ඌ ගාවට වෙලා ඉදියා..

"ඇති ඇති...යන්න උයන්න පරක්කු වෙනවා.."

"ම්.."

"1000 ඉතුරුත් වෙයි.. ඉතුරු සල්ලි වලින් ඔයට කෑම එකක් ගේන්න.. මම උයන්නෙ මට විතරයි.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now