#විසිහත්වන_පිටුව 💞

454 59 4
                                    

අපි හැමෝම හිතන් ඉන්නේ අපි දුකේදි විතරක් තනිවෙන්න ඔනේ.. අපි දුකක් දැනුනම විතරක් හිත නිවෙන තැන් හොයාගෙන යන්න ඔනේ කියලා..
ඒත් එහෙම නෑ.. මම හවස චූටිත් එක්ක පංසල් ගියේ චරිත් සුදානම් කරලා පහන් පූජාවට..

අපි යද්දි ඇවිත් ඉදියේ චරිතුත් මල්ලිත් නංගිත් ඒ අහල පහල ඉදපු මල ගෙදරදි ගොඩක්ම හුරු උන මැදිවසයේ ගැහැනු දෙතුන් දෙනෙක් විතරයි..
අපිත් පූජාවට උදව් උනා.. පහන් පූජාවක් තමයි සංවිධානය කරලා තිබ්බේ..
නුග කොල 108ක් උඩ පහන් 108ක්  වැලිමලුව පැත්තකින් දැල්ලුවා. ඒ එලියෙන් මුළු වැලි මළුවම ආලෝකමත් කලා..
අන්තිමට පංසලේ පොඩි හාමුදුරුවො ඇවිත් පංසිල් සමාදන් කරවලා ඒ පූජාවෙ ආනිසන්ස ගැන පොඩි දෙශනාවක් කලා..

"අද පැමිණ තිබෙන මේ උපාසක උපාසිකා මහත්ම මහත්මීන් කර ගත්ත කුසල ධර්මය ඉතාමත්ම වටින එකක්.
අපි කෙනෙක් වෙනුවෙන් පිහිට වෙනවා හා සමානයි මේ ආලෝක පූජාව..
මේ පූජාවෙන් අපි හිතේ තියා ගන්න ඕනේ කාරණාව තමයි.. මේ පහන් 108 ම ආලේකයට හා සමානව අනිත් කෘතඃජන මිනිසුන්ගෙ ප්‍රඥාව වැඩෙන්න ඕනේ කියලා අපි මෛත්‍රී සිතින් ප්‍රාර්ථානා කරන්න ඔනේ..
මොකද ප්‍රඥාව නැතුව අපිට කිසිම දෙයක් ලබා ගන්න බෑ තෙරුනාද.. හරිය ඒක අදුරෙ ඉන්න මිනිහෙකුට දෙයක් එක පාරට අල්ල ගන්න බෑ වගේ මේ ප්‍රඥාව නැති මිනිහත් ඔහේ අතපතගගා ඉන්නවා.. එතකොට මොකද වෙන්නෙ.. එතකොට එයාට නිවනට යන්න ප්‍රමාධ වෙනවා.. ඉතින් අපි මේ විදිහට සම්මා සම්බුද්ධත්වයට පත්වුන බුදුන් වහන්සේට මේ ආලේක පූජාව කරලා ඒ වගේ මෛත්‍රී සිතක් පහල කර ගත්තොත් අපි දෙගොලන්නම ඉක්මනින් නිවන කරා යන්න පුළුවන්...
ඒ වගේම මේ ආලෝක පූජාවෙන් මේ මලුවම ආලෝක වෙලාතියන වගේ.. ඔයාලා එකිනෙකා අදුරගන්න පුළුවන් විදිහට මේ හවස් යාමේ කළුවරේ උනත් මේ උපාසක මහත්ම මහත්මීන්ට ඔයාලාව අදුරගන්න ඔයාලගේ  මූණු වලට මේ ආලෝකය වැටිලා පේනවා වගේ ප්‍රඟාවෙන් වැඩෙන පුද්ගලයත් මේ ගෙවෙන ආත්මේ විතරක් නෙවෙයි හැම ආත්මෙකදිම ප්‍රඥාවෙන් වැඩිලා ඒ ඒ ආත්ම භාව වලදි සිය නුවණින් කටයුතු කරන්න පෙළඹෙනවා...

ඉතින් මම මේ පොඩී දෙශනාවක් දුන්නේ අපේ මේ චරිත් උපාසක මහත්මයගේ ආදරණීය මව්තුමීට පිං පිණිස වගේම එයාගේ බලාපොරොත්තු වෙනුවෙන් වපත්වපු මේ ආලෝක පූජාව ඒ හැමදේකටම හේතුවසනා වේවා. ඒ වගේම මේ පුන්‍යකර්මයට දායක උන ඔයාලා හැමෝගෙම ජිවිත ප්‍රඥාවෙන් වැඩෙත්වා.. සැමට මෛත්‍රී සිත් පහල වේවා කියලා හිතින් හිතාගෙන.. මේ කරන්නා වූ කුසල ධර්මයෙන් පිං බලාපොරොත්තුව අපි වටා සැරසරණ හැමට මේ පිං අනුමෝදනා වේවා කියන සිතුවිල්ල පෙරදැරි කරගෙන මාත් එක්ක මේ ගාථා කියමු...

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now