#දාහතරවන_පිටුව 💞

440 75 10
                                    

චුටි ගැන මම හිතන් ඉදපු විදිහ වැරදී.. චුටි මේ සමරිසි ජිවිතයක් ගැන අහලා දැනගෙන තිබ්බත් විදපු එකෙක් නෙවෙයි..
නෙහාන් පලපුරුද්දට කතා කරන විදිහයි චුටි කතා කරන විදිහයි ගත්තම මාරම වෙනසක් තිබ්බා.. නෙහාන්ව දැනුනේ නෑ මට මේ තරම්.. මොකද නෙහේන්ව හම්බුනේ මට අතින් අතර යන තැනකදි..
ඒ නිසා මුල්ම දවස නිසාමද මන්දා චුටි අහන දෙවල් වලට විතරක් උන්තර දුන්න..

"හෙට උදේම නැගිටින්න ඕනේ නේද.."

"ඔව් අයියේ.."

"එහෙනම් මම තියන්නම් නේ..."

"හා.. ඒත් මට දෙයක් අහන්න ඕනෙ.."

"මොකද්ද.."

"ඇයි මට නම කියලා කතා කරන්නේ නැත්තේ..".

"ඇයි ආස නැද්ද එහෙම කියනවට.."

"නෑ එහෙම නෙවෙයි.. මට මේ කිසි දෙයක් තෙරෙන්නෑ ශාලිය අයියේ.."

"ම්.. මම දන්නවා.. හිතන්න එපා.."

"කා ගැනද.."

"කාගෙවත් ගැන නෙවෙයි.. ඔහොම තෙරෙන්නෑ කියලා හිතෙන එක ගැන හිතන්න එපා කිව්වෙ.."

"ම්.. එහෙනම් ගුඩ්නයිට් අයියේ.."

"ම්ම්... ගුඩ් නයිට් චුටී.."

එහෙම කියලත් මම චුටි තියනකම්ම ෆෝන් එකෙම ඉදියා චුටි තත්පර 10ක් 15 ක් විතර ඉදලා තිබ්බා.
මට හිතුනා ඒ වෙලාවෙදි උපරිම ප්‍රොයෝජන අරන් චුටිගේ කණට ඇහෙන්න ආදරෙයි කියන්න.. ඒත් මේ දෙවල් ගැන නොදන්න චුටී මට නැති වෙයි කියන බය තිබ්බා..
නෙහාන්ට නම් පලවෙනි කෝල් එකෙදි වත් අදරේ කියන වචනෙවත් ඇහුනේ නෑ.. ඒත් නෙහන්ගෙ ගෙදරදි නෙහාන්ට මන් ගැන ආදරයක් හෝ වෙන යම් දෙයක් දැනෙන්න ඇති.. එත් මට එතන ආදරයක් දැනුනේ නෑ.. උපරිමයටත් එහා ගිය රාගයක් නම් තිබුනා..

පහුවදා අවදි උනේ චරියගේ කෝල් එකකට..

"අහ්.. වරෙන්.."

මම ගිහින් කමරේ දොර ඇරියේ බෙඩ්සීට් එක ඇගේ ඔතාගෙනමයි..

"මොකො බං මේ ඇරිස්ටෝටල් වගේ රෙදි පොරවන්.."

"හෙලුවෙන් රෑ නිදා ගත්තේ..."

"කොල්ල ගෙමට දැන්මම බැහැලා වගේ.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now