#විසිඅටවන_පිටුව 💞

439 64 2
                                    

මිනිස් ආත්මයක් ලැබෙන එක පිනක්ලු.. ඒ ලැබුන ආත්මේ විදින්න පුළුවන් එකම සතා මිනිහලු.. මට විශ්වස කරන්න අමාරුයි. මම විශ්වාස කරන්නේ නෑ, මට උන දේවල් එක්ක බලද්දි ඒක ඇත්තමද කියලා..
මොකද අදවෙන කොට වෙලා තියෙන්නෙ මට මැරි මැරි ජීවත් වෙන්න..
ඇයි මට කිසිදෙයක් නොකිව්වෙ.. උබ කිව්ව නම් කටක් ඇරල මම වෙනුවෙන් හැමදේම කරපු උඹව මම අහක දායි කියලා හිතුවද...
මට මේක ඉවසන්න බෑ චරිත්..
උබ මට කලේ වැරැද්දක් බං...
ලොකුම ලොකු වැරැද්දක්...

#සිව්_මසක_ආවර්ජනයක්..

චරිත් එන්න එන්නම වෙනස් වෙන්න ගත්තා.. ඌ මාව උවමානාවෙන්ම මග ඇරියා. හැමදවසකම පූර්ණ කිව්වෙ එකම දේ...

"ඌ තනියම කියවනව බං සමහර වෙලාවට උගේ රූම් එක ඇතුලේ.."

" ඒ කිව්වෙ.."

"මම ඊයේ ගියා ෆයිල් එකකට සයින් එකක් දා ගන්න.."

"ඉතින්.."

"මම යනකොට ඌ මොන මොනවදෝ කිය කිය ඉදියා.."

"සිංදුවක් කියන්න ඇති බං..."

"ඔව් ඔව් සිංදුවක්.. මටත් පිස්සු බං උබ එක්ක කතා කරලා.."

"දැන් කෝ ඌ.."

"අද නම් ආවෙ නෑ මං හිතන්නේ.."

"මට ආව කිව්වෙ.."

"ලබ්බ.. ඌ අවෙ එකක් නෑ.."

"අඩේ සිරාවට.."

"මේ මම යනව බං මට ලේට් වෙනව.. කෝල් එකක් දලා බලහන්.."

"හරි බං.."

චරිත් ගැන හොයන්න තියන උනන්දුව මට දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නෑ... මම චරියගෙ ගෙදර යන්න හිතුනෙ ඒ වෙලාවෙමයි. කෝල් එකක් නොදාම ගියේ උදෙත් මම අහද්දි මට ඔෆිස් එනව කියලා බොරුවක් කිව්ව නිසයි.

"චූටි ඔයා බස් එකේ කෙලින්ම ගෙදර යන්න මම ඔෆිස් එකේ වැඩ අද හොදේ.."

"අනේ එහෙමද.. "

"ඔව්.. ඔය ගෙදර යන්න.."

"මමත් තවම කැම්පස් එකේ.. මම ටිකක් පරක්කු වෙලා එන්නද එහෙනම්.. කීය විතර වෙයිද?"

"ඇයි තාම මොකද කරන්නේ..?."

"කුප්පියක් අද, මේක ඉවරවෙන පාටක් නෑ, එකෙක්ට රේකෝඩ් කරන්න කියලා මම තව ටිකකින් එන්න ඉදියේ. ඉන්නද එහෙනම් මම ටිකක්..."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now