#විසිවන_පිටුව 💞

429 67 1
                                    

ආදරේ මොකද්ද කියලාවත් දැනගෙන නොහිටපු මම ඒ හැගීම ගැන ඉගෙන ගත්තේ, ඒ ගැහීම මට දැනුනේ චූටිගෙන්.
හැමවෙලේම මම චුටීව තරහ ගස්සන්න හරි ආස උනා.. මොකද කිව්වොත් ඒ හැමදේකින්ම අවසන් උනේ උතුරලා යන ආදරේකින් කියලා මට දැනුනා..
තරහ උනාම ආදරෙන් ලගට අරන් ශේප් කරන්න.. එහෙම බැරි නම් විහිලුවක් හරි කරලා චූටිව ආයේ යාලු කර ගත්තම අමුතුම හිනාවක් එක්ක තුරුල්ලට එන චූටිගේ ආදරේ මට ගොඩක් දැනුනා..

අපි ලෙස්ති වෙලා කෙලින්ම ගියේ කොටුවට.. රිකී ෆිල්ම් හෝල් එකට ගියේ ඒකෙ ඇත්තටම ගාන අඩු නිසා..
ලොකූවට සල්ලි වියදම් කරන්න චූටි උනත් කැමැත්තක් තිබ්බෙ නෑ.. ලොකු හෝටල් වල කෑමට වඩා චූටි එක්ක කන බත් කට මට රහක් දැනුනා.

"බොක්ස් ටිකට් දෙකක් ගමු නේ.."

"විකාරද ඔයාට.."

"ඇයි.."

"අනෙ මෙ...බැල්කනි දෙකක් ගන්න.."

"බොක්ස් එකකට යමු බබා.."

"තමුසෙට ඕනේ නම් යනවා.. එක ගෙදර ඉදන් බොක්ස් එකකට යන්න පිස්සු නෑ මට.."

"ඉතින් බබා.."

මම අමාරුවෙන් හිනාව තද කරන් කිව්වත් අන්තිමට හිනා ගිය නිසා චූටි මොකුත් කිව්වෙ නෑ. මම බැල්කනි ටිකට් දෙකක් අරන් බැල්කනියේ පිටීපස්සෙ කොනේම ගිහින් වාඩි උනේ බිත්තිය අයිනේ එක ශීට් එකක් ඉතිරි කරලා.. චූටි මාව පහු කරම් යද්දි මම පස්ස ලාවට වගේ අත ගෑවේ මගේ අවලං හිතට ඇස් මට්ටමින්ම යන දේ නොදැක්ක වගේ ඉන්න බැරි කමට..

"වලත්තයෙක් මහා.."

"ම්.."

"දැන් මොකටද මේ පිටීපස්සෙන්ම වාඩු උනේ.."

"ලයිට් නිව්වම තේරෙයි.."

"ඉන්නවකො.. බලාගෙන.."

මම නැගිටලා ගිහින් ලොකු පොරි පැකට් එකකුයි.. ස්මැක් බීම බොතලයයි අරන් ආවේ සිගරට් එකක් බිලමයි..
මම එද්දි ෆිල්ම් එක පටන් අරන් තිබ්බා.. වෙලාවට පිටි පස්සෙම නිසා චූටි ඉන්න තැන හොයා ගන්න ලේසි උනා..

"කොහෙද ගි.. අහ් මට හිතුනා.. බලනවා ගද.."

"අහ් ඔන්න.. කනවා මාව කන්නැතුව.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now