#විසිපස්වන_පිටුව 💞

401 62 5
                                    

වෙමින් තියන දේවල් ගැන කිසිම පැහැදිලිතාවයකින් නෙවෙයි මම ඉදියේ..
මම චූටි හදලා දුන්න තේ එකත් අරගෙන සෝෆා සෙටියට වෙලා කල්ප්නා කරන ගමන් ඉදියේ.. චූටි එලියට යන චායාව මම දැක්කා.. මම දොර ලගට ගියේ එලියෙන් කතා බහක් යාන්තමට ඇහුන නිසා.. අල්ලපු ගෙදර අක්ක මාත් එක්කත් හිනා වෙලා ගෙට ගියා..
ඒත් එක්කම චූටිත් මල් ටික කඩාගෙන ගෙට ආවා..

"වේලාසන ආවා නම් ගේ පොඩ්ඩක් අතු ගාලා දන්න තිබ්බනේ.. කුණු එනවා හරීයට දැන් ගෙට.."

"ම්.. හරි ඔයා පහන ලෑස්ති කරන්නකො.. මම මේක බීල අතු ගාන්නම්.."

"ඔයා ඕක බොනකොට බැරිය.. මම ම කර ගන්නම්.."

චූටි කොස්සත් අරගෙන ඇවිත් අතු ගාන්න ගත්තා.. මටත් මොකො මම ඉදියේ ඔය වගේ දේවල් වලටත් රණ්ඩු වෙන මානසිකත්වයක නෙවෙයි..
මම ඊයේ ගෙනාව පත්තරේ අතට ගත්තේ කියවන්න හිතන්. චූටි පහන තියලා ගියේ කුස්සියට උයන්න වෙන්න ඕනේ.. ඌට ඉතින් තිබ්බේ අම්මගෙ පුරුද්ද රහට උයන එකයි ගේ වැඩයි තමා මට බැන බැන හරි කලේ.. වෙනදට වඩා කුස්සියෙන් බඩු එහෙට මෙහෙට වෙන සද්දෙ ඇහුනේ මම කුස්සියට නොගිය නිසාදෝ කියලා හිතුනා.. ඒ අස්සෙ මට මතක් උනේ චරිත්ව..

"හරි මට තෙරෙනවා බං.. ඒත් උබ උබේ මානසිකත්වේ චූටිට තෙරෙන්නෑ. උබ පොඩි එකෙක් නෙවෙයිනේ.."

"ඔව් හරි බං.. ඒත්.."

"මේ උබ, උබව සාධාරණීකරණය කර ගන්න එපා.. අහපන් කියන දෙ...
උබ ඔෆිස් යන එකත් ඇත්ත.. උබ ටෙන්ශන් එකක ඉන්න එකත් ඇත්ත. ඒත් ඌට ඒව වැඩක් නෑ.. කොටින්ම අදල නෑ චූටි ට ඒව.. ඌට ඕනේ උබ එක්ක ආදරෙන් ඉන්න නම් උබ දැන ගන්න ඕනේ ඒ විදිහට ඉන්න..
අනිත් එක ඔෆිස් එකේ දෙවල් ඔෆිස් එකෙන් යද්දි ඔෆිස් එකෙන් තියලා පලයන්.. ඒව ගෙදර අරන් යන්නෙපා.. එච්චරයි මං කියන්නෙ.."

"ම්.. ඔව් බං උබ හරි.."

"ඔව් මම හරි තමා... දැන් බලපන් මට තියන ප්‍රශ්න.. ඒත් මම ඒව එකවත් මිස්කර ගන්නවද.. ප්‍රශ්න එනව , ඒ එද්දිත් එකක් එන්නෙ නෑ.. ඒ හැම එකකටම විසදන්න වෙන වෙනම වෙලාවල් හොයා ගනින්.. උබගෙ අය එක්ක ඉන්න වෙලාවට ප්‍රශ්න ඔලුවට දාගෙන උබ කරන්නේ උබේ සතුටත් නැති කරගෙන උබ වටේ ඉන්න උන්ගෙත්  සතුට නැති කරන එක.., තෙරුනයි.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now