CHAPTER 02

1.6K 101 4
                                    


සෙනුල් කියල කියන්නේ ආයුගේ සහෝදරයා..ඒ දෙන්නා අතර කිසිම ලේ නෑ කමක් නම් නෑ..සෙනුල්ගේ අම්මා අයුගේ තාත්තාව කසාද බදින කොට සෙනුල්ට යන්තම් අවුරුදු අටයි..ආයුට විස්සයි..ආයූ ටික කාලයක් එයාලත් එක්ක හිටියත්..එයා අවුරුදු විසි දෙක වෙනකොට පාතාලෙට බැදිලා ගෙදරින් ගියා..ආයුගේ තාත්තත් පාතාල ලොක්කෙක් නිසා එයාගේ තැන තමයි ආයු ගත්තේ..සෙනුල්ටයි ආයුටයි එක ඉන්න ලැබුනේ අවුරුදු දෙකක් වගේ පොඩි කාලයක්..ඒත් ඒ ටිකේ එයාල සතුටෙන් හිටියා..

ඒත් සෙනුල්ට අවුරුදු පහලව වෙනකොට අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින් නැති උනා..ඊට පස්සේ සෙනුල්ගේ අම්මාගේ අයියා..ඒ කියන්නේ සෙනුල්ගේ මාමා සෙනුල්ව ඇරන් රට ගියා..එතනින් එහාට ආයුට සෙනුල් ගැන අහන්න වත් දකින්න වත් ලැබුනේ නෑ..

"කවද්ද රට ඉදන් ආවේ..."ආයු ඇහුවේ ඕනවාට එපාවට..ඒ දෙන්නා හිටියේ ආයුගේ කාර් එකේ..පිටිපස්සෙ සීට් එකේ..

"මාස හයකට විතර කලින්..මෙහෙට ආපු දවසේ ඉදන් මන් ඔයාව හැමතැනම හෙව්වා මගේ අයියේ..සෙනුල් එහෙම කිව්වේ ආයුගේ උරහිසේ ඔලුව තියාගන්න ගමන්..

සෙනුල් හැදුනේ රට නිසා..එයා හැසිරෙන්නේ එහේ විදිහට වෙන්න ඇති කියලයි ආයුට හිතුනේ..

සෙනුල් ආයුගේ උරහිසේ ඔලුව තියාගෙන අයුගේ මූන දිහාම බලාගෙන ඉන්නවා..ආයුට දැනුනේ අපහසුවක්..එයා ඇස් කොනෙන් සෙනුල් දිහා බැලුවා..

"ඔයා තවත් ලස්සන වෙලා මගේ අයියේ..හරිම හුරතල් පාටයි.."

සෙනුල් කියපු කතාවට ආයුගේ මූනත් රතු උනේ ලැජ්ජාවට..
'හුරතල්..? මොනාද මූ මේ කියවන්නේ..ලැජ්ජාවේ බෑ.. මුගෙන් කොහොම හරි ගැලවෙන්න ඕන නැත්නම් විනාසයි..සැක්..හෙනයක් පාත් උනා වගේ මේකා මොන සෙද්දකට මාව හොයන් ආවාද මන්ද..'ආයුගේ හිත කිව්වේ එහෙම..

"ඩ්‍රයිවර් ඉක්මන්ට යන්.."

"හරි සර්.."

"ඔයා ලොකු කොල්ලෙක්..විකාර කරන්නේ නැතුව අහකට වෙනවා.." ආයූ කිව්වේ ආයූගේ උරහිසේ ඔලුව තියන් හිටපු සෙනුල්ව අහකට තල්ලු කරන ගමන්..

"ඔයා හිතන්නේ මාව විකාරයක් කියලද..ම්ම්ම්.." සෙනුල් තවත් ආයුට ලං උනා..

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now