CHAPTER 05

1.2K 86 3
                                    

"අයියේ..මගේ ඔලුව හොදල දෙනවද..මගේ අත..."උදෙන්ම සෙනුල් ඇවිත් ආයුගෙන් ඇහුවේ හරිම අහිංසක විදිහට..

"ආහ්...හ්ම්ම්..එන්න.."අකමැත්තෙන් උනත් ආයූ සෙනුල්ව එක්කගෙන වොශ් රූම් එකට ගියා..

"නැමෙනවා ඉතින් සින්ක් එක දිහාට.." ආයූ සෙනූගේ ඔලුව හෝදන්න පටන් ගත්තා..

"ඇස් වලට සබන් යවන්න එපා අනේ.."

"කට පියන් ඉන්නවා.." ආයූ කිව්වේ සෙනුල්ගේ ඔලුවට ඩෝන් ගාල පාරක් දෙන ගමන්..

"ආව්.."

"ආ.. හරී..ඔහොම ඉන්න පිහදනකම්.." ආයූ ටවල් එක ඇරන් ඔලුව පිහදාන්න හැදුවත් මූ ඔලුව පහලට කරන්නැ..

"පහලට කරනවා ඕයී ඔලුව..අඩි හතක් විතර උසයී ඒ මදිවට.."

"හතක් නෑ අනේ හයයි පහයි.."

'හයයි පහක්..? මාත් ගානට හයයි නේ අප්පා..සූර පප්පගේ අරිශ්ටේ වත් බීලද මන්ද මෙච්චර උස ගියේ..'

ආයුගේ අතෙන් ටවල් එක බිමට වැටුනා..ආයූ හැදුවේ ඒක ආයෙත් ගන්න ඒ උනත් සෙනුල්ගේ අත් ගියේ ආයුගේ ඇග වටේ..සෙනුල්ගේ තොල් දෙක ආයුගේ තොල් වලට තද වෙද්දී ආයුට හිතන්න වත් ඉඩක් ලැබුනේ නැ..ආයූ සෙනුල් ව පැත්තකට තල්ලූ කරා..

ආයූ සෙනුල් ව පැත්තකට තල්ලූ කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔයාගේ සීමාව පනින්න හදන්න එපා..මන් ඔයාගේ අයියා..." ආයුට තාම හිතාගන්න බැ මොකක්ද උනේ කියල..

"ඒත් ඔයා මගේ ඇත්තම අයියා නෙමේ නේ.." සෙනුල් කිව්වේ ඔලුවත් පැත්තකට හරවන ගමන්..

"ඔව්..ඒත්..පුළුවන් තරම් ඉක්මන්ට මෙහෙන් යන්න..එච්චරයි.."ආයූ එහෙම කියල වොශ් රූම් එකෙන් එලියට ගියා..

'ආහ්..ශිට්..ඇයි මට මාව පාලනය කර ගන්න බැරි..මන් අයියව බය කරාදත් මන්ද..' සෙනුල් ඔලුවට ගහ ගත්තේ එයාගේ මෝඩ කමේ තරම තේරුන නිසා..

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now