_05_

1.5K 218 30
                                    

ප්‍රයිස් ගිවින් එක ට තව දවස් දෙකයි තිබ්බෙ  ප්‍රිෆෙක්ට් රූම් එක ඇතුලෙ එකම ගාලගෝට්ටියයි . අභී එක මෙසෙකට වෙලා ඔලුව තියාගෙන ඉද්දි අනිත් පැත්තෙන් චනෙරු යුග්ම ගෙ උකුල උඩ ඔලුව තියාගෙන
යුග්මටත් වචනයක් කියාගන්න බැරි තරමට ම අද මහන්සි. ඒ මදිවට ඊයෙ වුනු දේ නිසා කොල්ලට තාම සම්පූර්ණයෙන්ම හොද වෙලා නෑ. පපුව ගාවින් ලාවට රිදුමක් තාම තිබ්බත් කොල්ලා ඉස්කොලෙ ආවෙ අභී ට තනියෙන් ඔක්කොම කරන්න බැරි නිසා . කොහොමත් ඉස්කොලෙ තියෙන මෙ වගෙ ඉවෙන්ට්ස් වලදි සම්පූර්ණ බරම පැටවෙන්නේ හෙඩ් බෝඩ් එකට. ඇකඩමික් වැඩත් ගොඩගැහුනු අවුරුද්දක් තමයි යුග්ම ල හෙඩ් බෝඩ් හිටියෙත්. ඉස්කොලෙදි කොච්චර පීරියඩ් කට් වුනත් කොල්ලො ටික ටියුෂන් කට් නොකර වැඩ ටික ශේප් එකෙ කරගන්න බලාගත්තා කොහොමත් යුග්ම අභී යශ් චනෙරු හතරදෙනාටම මහ ලොකුවට ඒලෙවෙල් පාස් වෙන්න උවමනාවක්නම් තිබ්බෙ නෑ හැබැයි එයෝන් හිටියෙ ඒ මට්ටමේ නෙවෙයි එයෝන් එදා ඉදන්ම අනිත් අයට වඩා වැඩ කරා. කොහොමත් එයොන්ගෙ ගෙදරින් එයාට ඉගෙන ගන්න කියලා කරන ප්‍රෙශර් එක ටිකක් වැඩියි .ගෙදර දෙන්නම ගුරුවරු නෙ. එයොන් නම් කොහොමහරි රජයෙ කැම්පස් එකකට යන්න ටාගට් කරන් වැඩ කරන බව අනිත් හතරදෙනා ම දන්නවා. කොල්ලො හතර දෙනත් බයක් නැතුව ඉස්කොලෙ පීරියඩ්ස් කට් කරෙ එයෝන් කොහොමහරි හැම සතියෙම කරපු පාඩම් අනිත් හතරදෙනාට බලෙන්ම කියලා දෙන නිසා. ඒ නිසා හැම සතියෙම සෙනසුරාදා රෑට කොල්ලො පස් දෙනා ම චනෙරු ගෙ ගෙදර නයිටක් ඇද්දා...

යුග්ම ලග තිබ්බ වතුර බෝතලයක් අරගෙන ඒක ඇරගන්න බැරුව දගලා දගලා ඉද්දි එකසැරේ ම ප්‍රිෆෙක්ට් රූම් එක දොර ඇරගෙන ආරෝන් ඇතුලට ආවෙ ඒ වෙලාවෙ කාමරෙ ඇතුළෙ හිටිය තුන් දෙනා කන්ෆියුස් වෙලා බලන් ඉද්දි.
මොකද ආරෝන් යශ් එක්ක ෆිට් එකෙ හිටියට මෙතන හිටිය තුන්දෙනා එක්ක වැඩි කතාවක් තිබ්බෙ නැති නිසා

"ම්...මොකද.. "

එහෙම්ම යුග්ම ලගට ඇවිදින් ආව ආරෝන් යුග්ම හිටිය ඩෙස් එකට බෙහෙත් දාන කවර වගෙ දෙකක් විසි කරලා මෙච්චර වෙලා යුග්ම ඇරගන්න බැරුව දගලපු  බෝතලෙත් අරගෙන පියන ඇරලා යුග්මට දිග් කරා

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now