_36_

1.3K 172 23
                                    

" මම ගිය සතියෙත් කියලා දුන්නා මේ රෙඩොක්ස් සමීකරණ තුලිත කරන විදිය.. කොහෙද ඉතින් කීයෙන් කී දෙනයි ද පීරියඩ් එක වෙලාවෙ ක්ලාස් එකෙ ඉන්නෙ.. ඔක්කොම ප්‍රිෆෙක්ට්ස් ලා ටිකයි කැප්ටන්ල යි ටීම් ලීඩර්ස් ලයි ඔක්කොම ඉන්නෙ මේ පන්තියෙ නේ.. තව එක පාරයි කියලා දෙන්නෙ.. අහන් ඉන්න උන් අහන් ඉන්නවා "

ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් තුනක් එක දිගට කෙමෙස්ට්‍රි මිස් ඇවිල්ලා එක එක ජාතියෙ සමීකරණ තොගයක් බෝඩ් එක ලිය ලිය කියවද්දි පන්තියෙ ඉස්සරහ පේලියෙ ඉන්න දෙතුන් දෙනා ඇරුනම අනිත් ඔක්කොම උන් මෙලො මලදානයක් නොදන්න උන් වගේ බලන් හිටියා. එක පැත්තක උන් ඉස්කෝලෙ පිටිපස්සෙ අඹ ගහෙන් කඩන් ආව අඹ ටිකට කැන්ටිමෙ ඇන්ටි ගෙන් වැදලා ඉල්ලගත්ත මිරිස් කුඩුයි ලුනු කුඩු යි කවලම් කරන ගමන් ඉද්දි. යුග්ම ට එහා පැත්තෙ පේලියෙ උන් බෙල්ල ඔලුව කස කස බිත්ති ඔරලෝසුව දිහා බලන් මනෝ පාරවල් ගහනවා. යුග්ම බෙල්ල හරවලා එහා පැත්ත ඩෙස්ක් එක දිහා බැලුවා. හරිම අගෙයි ඒ බේසික පගයා වතුර බෝතලෙත් බදාගෙන කෙලත් පෙරාගෙන නිදි.. ඉස්සරහ පේලියෙ එයෝන් යන්තම් ඔලුව උස්සන් බෝඩ් එක දිහා බලන් හිටියත් චනෙරු එයෝන් ගෙ අතක් බදාගෙන මොනවද ලියනවා. අභී නම් උදේ ආව වෙලාවෙ ඉදන් ඉස්කූල් බුක් එකෙ බරටම දාගෙන දාලා තිබ්බ සයින් ටික බලනවා.

" ආව් හුත්තො "

යුග්ම යශ් බදාගෙන හිටිය බෝතලෙ ඇදල ගත්ත පාර යශ් ගෙ ඔලුව ගිහින් හෙන හයියෙන් ඩෙස්ක් එකේ වැදුනා.

" ස්වොරි ඒයි..ඒත් මට තිබහයි "

" අනේ උබ වුකහන් ගොන් පකයා "

වතුර බෝතලේ කටේ පැත්තකින් ගහන් යුග්ම ක්ලාස් එකෙ කෙටි බැම්මෙන් එලියෙ පේන ග්‍රවුන්ඩ් එක දිහා බැලුවා. තව විනාඩි පහලවක් තියෙයි පීරියඩ් එක ඉවර වෙන්න. ග්‍රවුන්ඩ් එක දිහා බලන් සැර මනෝ පාරක ගිලිලා හිටිය කොල්ලා උඩ විසි වුනෙ උරහිසෙ පැත්තකට ඇවිල්ලා වැදුනු බර දෙයක් නිසා. හොදට ගැටගහලා තිබ්බ ශොපින් එකක් යුග්ම ගෙ ඩෙස්ක් එක උඩ වැටිලා තියෙද්දි යුග්ම අනිත් පැත්තෙ පේලි වලට එබුනා. ඒ පේලියෙ හිටිය කොල්ලො ටික දාගෙන අත් ලෙව කනවා. එතකොට තමයි යුග්ම ත් හරි සිහියට ඇවිල්ලා ශොපින් එක ඇරලා මිරිස් දාලා තිබ්බ අබ කෑලි ටික අතට ගත්තෙ. කට ඇරන් නිදාගෙන හිටිය යශ් ගෙ කටටත් කෑල්ලක් ඔබලා. ශොපින් එක චනෙරු ගෙ ඩෙස්ක් එකට උඩින් විසිකරා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now