_25_

1.2K 182 20
                                    

" අනේ මන්දා "

" මොකක්ද "

" වෙලාවකට හිතෙනවා මට පිස්සු කියලා "

" සිරාවටම ඇත්ත.. පිස්සුවෙන් ආදරේ කරද්දි එහෙම තමයි "

" දන්නෙ නෑ....
හැම තත්පරේකම එයාව ඕන වගෙ
හැමතිස්සෙම එයාව හොයන් යන්න ඕන වගේ
මහ පාන්දරත් ඇහැරිලා පපුව දිගෙ හිරිවැටිලා ගිහින් එයාව ම මතක් වෙනවා.."

" දරුණුවට ආදරෙ කරන්න යන්න එපා ඒකට බෙහෙත් නෑ "

" හැබැයි මන් ආසයි නිකන් පපුව පලාගෙන යන තරම් රිදෙන බැදීමකට "

" උබට පිස්සු "

" ඒක තමයි කලින් කිව්වෙ වෙලාවකට මටත් එහෙම හිතෙනවා "

බැල්කනි එක උඩ තිබ්බ මයිලො කප් එකෙන් උඩට යන දුම් රැලි දිහාබලාගෙන හිටිය මන් ඔලුව උස්සලා චනෙරු දිහා බැලුවා අන්තිමට මන් දීපු උත්තරෙන් ඌත් කට පියාගත්තා. වචනයක්වත් මගාරින්නෙ නැතුව හිතේ තිබ්බ දේවල් ඌ ගාව  පැයකට වඩා වැඩියෙන් කියෙව්වා. වචනයක්වත් කියන්නෙ නැතුව අහන් හිටිය ඌ අන්තිමට මට අඩන්න දීලා පස්සෙ බේරුන කදුලු ටික විතරක් පිහිදැම්මා. ඌටත් ඒවට දෙන්න උත්තර නෑ හැමදෙයක්ම හොදින් සිද්ද නොවෙන තැන හැමදෙයක්ම හොදින් වේවි කියලා ඌ හිත හදන්න උත්සහ කරෙත් නෑ..හැබැයි මගේ හිත ටිකක් හොද වුනා හිරකරන් හිටිය හැගීම් එලියට දුන්නු නිසාද ඇති තරම් අඩන්න පුලුවන් වුනු නිසාද කියන්න දන්නෙ නෑ.. එක දෙයක් ඇර අනිත් ඔක්කොම මන් ඌ ට කිව්වා. යශ් ගැන කියලා  තියෙන යාලුකම් නැතිකරගන්න මට ඕන වුනෙ නැති නිසා ඒ සිද්ධිය ඇර අනිත් හැමදෙයක්ම කිව්වා.

මම කියන්නෙම තනිකරම දැවී දැවී නිවෙන්න හදන ගින්දරක්

        අනිත් මිනිස්සුන්ගෙ ගින්දර නිවන්න මට වචන තිබ්බ ට මගේ ගින්දරෙන් සමහර වෙලාවට මාව ම පිච්චිලා ගියා...


•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••








ඒක දිගට ෆෝන් එකට එන මැසේජ් දිහා යුග්ම බලන් හිටියෙ හිස් හැගීමෙන්. උඩින්ම තිබ්බ යශ් ගෙ චැට් එක දිහා බලලා යුග්ම යශ් එවපු ලොකේෂන් එක ඕපන් කරලා චනෙරු ගෙන් බයික් එක ඉල්ලගත්තා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now