_33_

1.5K 204 74
                                    

" තාත්තා ඔයා කොහොමද එහෙම කියන්නෙ "

" ඔයාලයි බාප්පා ඒ වැඩ ගැන බලාගනියි යුග්ම.. වීසා වල වැඩ ටික මන් කරන්නම් ඔය පැත්තෙන් වෙන්න ඕන ටික බාප්පා එක්ක ගිහිල්ලා කරගන්න "

" තාත්තා මේ මගේ ජීවිතේ.. ඔයාලට ඔය විදියට හිතුනු හිතුනු විදියට මාව කන්ට්‍රෝල් කරන්න බෑ "

" අපි ඔයාට නරකක් කරන්න හදනවා නෙවෙයි නෙ පුතා..අනිත් එක ඔයා ගෙ අම්මා ඉන්නෙත් ලෙඩ වෙලා එයාව ආයිත් ලංකාවට එවන්න මගේ අදහසක් නෑ...එයා මගේ එක්ස් වයිෆ් වුනාට මන් එයා ගැන බලාගන්නවා. එයාට ඔයාගෙ නමට ඉතාලි වල තියෙන බිස්නස් ටික බලාගන්න පුලුවන්..ඕකේ "

" නෑ තාත්තා නෑ.. එකසැරේම කොහොමද.. මන් අහන්නෙ මන් තාම එක්සැම් කරලත් නෑ.. ඔයාලා කියන කියන විදියට ඉන්න බෑ තාත්තා ප්ලීස් අඩුම එක්සෑම් එක ඉවර වෙනකම් කල් දෙන්න තව එක අවුරුද්දක් විතරක් "

" ඔය එක්සෑම් එක ලිව්වා කියලා ඔයාට මොනවද පුතා ලැබෙන්නෙ මේ මගේ ලාස්ට් ඩිසිෂන් එක.. ඔයා දන්නවනෙ මන් ගැන
මන් හැමදෙයක්ම කරන්නෙ ප්ලෑන් එකකට ඒ නිසා මන් කියපු දේ වහාම වෙන්න ඕන කොහොමත් ඔක්කොම දේවල් ටික රෙඩි වෙද්දි මාස හයක් විතර යනවා.. ඒ නිසා බාප්පා කියන විදියට වැඩ කරන්න. එයා හෙට හවස් වෙද්දි ගෙදර ඒවි "

" අම්මා කොහෙද... ඇයි මට කෝල් එකක්වත් නැත්තෙ "

" එයා බෙඩ් රෙස්ට් මේ ටිකේ.. අම්මා සීයට සීයක් හොද වෙලා නෑ පුතා.. අනික මෙහෙ බිස්නස් ටික එයා මුල ඉදන් බලන්න අරන් ඒ නිසා ටයිම් නැති වෙන්න ඇති.. ඔයත් නිකමටවත් කතාකරලා බැලුවෙ නෑනෙ පුතා අම්මා යි මමයි ගැන නේද.."

" හහ්.. හරි හරි තාත්තා... නමට හරි පුතෙක් ඉන්නවා කියලා දෙන්නටම මතක එක ගැන සතුටුයි "

යුග්ම කෝල් එක කට් කරා.. අත් දෙක ලාවට වෙව්ලද්දි යුග්ම අත් දෙක එකට කරලා බැදගත්තා. මේ වගේ දෙයක් යුග්ම බලාපොරොත්තු වුනෙ නෑ.. යුග්ම ඕෆ් කරපු ෆෝන් එක ඔන් කරලා එහෙම්මම අභී ට ඩයල් කරලා ෆෝන් එක කනෙන් තියාගත්තා.

"අභී මට උබව හම්බෙන්න ඕන මේ දැන්ම.."

" ම්ම්...තාත්තා කතා කරාද ඔයාට "

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now