_10_

1.4K 204 12
                                    

" ආන්ටි ට යි අන්කල්ටයි ඒකට හේතු ඇති යුග්ම.. උබ අපි හිතනවට වඩා එයාල සමාජෙ එක්ක ගැටෙනවා. උබ වුනත් දැන් ඕක ගැන වැඩිය හිතන්න යන්න එපා ඕන වෙලාවක අපෙ ගෙදර වරෙන් මන් නැතත් අම්මා හරි අනිවාරෙන් ගෙදර ඉන්නවා. අපෙ අම්මා කොහොමත් උබට මටත් වඩා ආදරෙයි කියලා උබ දන්නොනෙ.."

කුරුණෑගල ගිහින් ඇවිත් දෙවෙනි දවසෙ යුග්ම ඉස්කොලෙ ගියෙ. ප්‍රිෆෙක්ට් රූම් එක ඇතුලට වෙලා චනෙරු එක්ක කතාකරකර හිටියෙ එදා ගිහින් වුනු කතාව මොකද ඒ වුනු හැමදෙම හිතෙ තියන් ඉන්නෙ නැතුව කා එක්ක හරි බෙදාගන්න යුග්මට ගෙඩක් ඕන වුනා.

" මට ශේප්... එකසැරේම එහෙම එකක් කිව්වම මන් ටිකක් ශොක් වුනා ජීවිතේට මට නිකමටවත් හිතුනෙ නැති දෙයක් බන් වුනෙ.."

" උබට අපි ඉන්නවා කොල්ලො.. ඕවා ඔහොම තමයි හිතන්න එපා කියන්නෙ නෑ හිත හදාගනින් මොනවා වුනත් ආන්ටි අන්කල් දෙන්නම උබට ආදරෙයි.."

චනෙරු යුග්ම එක්ක පැයක් විතර කතාකරලා බිදිලා තිබ්බ කොල්ලගෙ හිත ටිකෙන් ටික හදන්න ට්‍රයි කරා.. යුග්ම කියන්නෙ ලේසියෙන් හිතින් වැටෙන කෙනෙක් නෙවෙයි කියලා චනෙරු හොදින්ම දන්නවා.

"මීට් එක ලබන මාසෙ උබට ප්‍රැක්ටිස් නැද්ද අද.."

" හවස උබත් ඉදපන් ඊයෙ හවස යශ් ලා ක්‍රිකට් ප්‍රැක්ටිස් හිටියා."

" ස්විමින් කවද්ද බන් මන් තාම මුකුත් බැලුවෙ නෑ දාලා තිබ්බ ඒවා.. ඔලුව විකාර වෙලා හිටියෙ මේ ටිකෙ ෂිට්.... "

" ලබන සතියෙ ඉදන් ඔක්කොම ප්‍රැක්ටිස් පටන් ගනී ස්කූල් ටයිම් එකෙ ප්‍රැක්ටිස් නෑ මන් හිතන්නෙ ආෆ්ටර් ස්කූල් ඉන්න වෙයි සතියෙම.."

" හ්ම්... මේ මන් ජිම් එකට ගිහින් එන්නම් එහෙ මොකද වෙන්නෙ බලන්න ඕන අභිය මේ ටිකේම වැඩ ඔක්කොම තනියෙන් ඇදන් යන්න ඇත්තෙ.. උබත් එනවද.."

"උබ පලයන් එයෝ තනියෙන් ඇත්තෙ ක්ලාස් එකෙ මන් යන්නම්.."

යුග්ම චනෙරු දිහා ඇස් හීනි කරලා බැලුවා.

" මොකද යකො.. ඌ මගෙ එකා උබ පලයන් මන් ඌවත් එක්කන් එන්නම් ජිම් එකට.."

යුග්ම ව ග්‍රවුන්ඩ් එක දිහාවට තල්ලු කරලා චනෙරු අනිත් පැත්තට ඇවිදන් ගියා. ජිම් එක තිබ්බෙ ග්‍රවුන්ඩ් එකෙ කොනේම. ස්පොර්ට්ස් මීට් කාලෙට ජිම් එකෙ තමයි ඉන්ඩොර් ගේම්ස් ප්ලෙ කරන්නෙ.. චනෙරු වොලිබෝල් ප්ලෙ කරා යශ් අභී දෙන්නම ක්‍රිකට් යුග්ම ස්විමින්. මියුසික් වගෙම යුග්ම ආසාවෙන් කරපු දෙයක් තමයි ස්විමින්. කොල්ලා කොහොමත් ස්විමින් වලින් ඉස්කොලෙ ට පිට පිට හැමපාරම ඉවෙන්ට්ස් වලින් මෙඩ්ල් ගෙනාවා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now