_12_

1.3K 195 2
                                    

දවස් ගනන් සති ගනන් ඒකාකාරි විදියට ගෙවිලා යද්දි යුග්ම ගෙ ජීවිතෙත් අනිත් අයගෙ වගේ ම ඉස්කොලෙ න් ගෙදරට විතරක් සීමා වුනා. ස්පොර්ට්ස් මීට් එකෙ ප්‍රැක්ටිස් එක්ක බිසී වෙද්දි අම්මා ඉතාලි ගිහිල්ලා දැනට සතියකට වැඩියි.. යුග්ම අම්මා එක්ක කෝල් කරාට එහෙ බිස්නස් ගැන කතාකරන එක හැමතිස්සෙම මගඇරියා.

" අවින්ද්‍ය අයියෙ.. "

" අහ්.. උබ මොකද මෙහෙ.."

" ඔයාව හම්බවෙන්න ආවෙ නැත්නම් ඉතින් මේ පැත්තෙ එන්න බෑනෙ..
මම එන සතියෙ ගෙදර යන්න කියලා බැලුවෙ අයියෙ.."

යුග්ම හිටියෙ එයාලගෙ පන්තියෙ එයෝන් එක්ක වාඩිවෙලා මෙසෙට මූන ඔබාගෙන. මේ වෙලාවෙ ක්ලාස් එක ඇතුලෙ හිටියෙ ඒ දෙන්න විතරයි අද ලාස්ට් පීරියඩ්ස් දෙක ෆ්‍රී වුනු නිසා අනිත් ඔක්කොම ග්‍රවුන්ඩ් බැහැලා හිටියෙ.

" ඒ මොකො හදිස්සියෙම අම්ම කතා කරාද.."

" නෑ අයියෙ.. දැන් ගොඩ දවසකින් ගියෙත් නෑ.. මේ දවස් ටිකෙ ඉස්කොලෙ එච්චර වැඩක් කරන්නෙත් නැති එකෙ ගියාට අවුලක් නෑනෙ.."

" අහ් එහෙනම් ශේප්... යන්න කලින් කියපන් මන් ගිහින් දාන්නම් මගට බස් එකෙද යන්න හිතන් ඉන්නෙ "

" නෑ.. කොටුවට ගිහින් ට්‍රේන් එකෙ යනවා. ඊටපස්සේ පොල්ගහවෙලින් බැහැලා බස් එකෙ යන්න පුලුවන් "

" උබව කොටුවට දාන්න එන්නම් එහෙනම් යන්න කලින් දවසෙ කියපන් මට.."

" අයියා එන්න ඕන නෑ තනියෙන් යන්න පුලුවන් ඕක මොකක්ද.."

" නෑ නෑ උබ යන්න කලින් කියපන්කො පණ්ඩිත නැතුව "

" හා එහෙනම් වැඩක් නැත්නම් විතරක් එන්න මන් යන්න කලින් කෝල් එකක් දෙන්නම් අයියට
එහෙනම් මන් යනවා අයියෙ සයන්ස් ටීච එද්දිමයි ආවෙ.."

" ම්ම්... පන්තියට දුවපන් එහෙනම් වැඩ ටික කරගනින් පීරියඩ් කට් කරන් ග්‍රවුන්ඩ් යන්නෙ නැතුව " 

තවිදු අනිත් පැත්තෙ පඩිපෙල දිහාවට දුවන් යද්දි යුග්ම ආයි ඔලුව ඩෙස් එකට තියාගත්තා. 

" අද ස්විමින් යන්නෙ නැද්ද යුග්ම.."

" අද නෑ බන් මහන්සියි.. "

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now