_49_

1.5K 169 48
                                    

" මට මෙතන හෙනට මිස් වුනා "

එදා නිතර දෙවේලෙ රිංගුව ක්ලබ් එක අද එදා තිබ්බට වඩා දෙගුනෙකින් විතර ලොකු වෙලා. තට්ටු දෙකට හදලා තිබ්බ එකට තව තට්ටුවක් එකතු වෙලා. යුග්ම කාර් පාර්ක් එකෙන් බැහැලා ඇස් දෙක ලොකු කරන් බලන් හිටියෙ එදා තමන් ට ගෙදර තරමටම සමීප වෙලා තිබ්බ තැන අද වෙනස් වෙලා තියෙන තරම. උඩ තිබ්බ ඕපන් ඒරියා එකෙන් රතු පාට බල්බ් එලියක් අහස ට විසිරිලා තිබ්බා.

" ඇතුලට යමන් ඇතුල දැක්කම උබ ඔයිට වඩා සප්‍රයිස් වේවි "

චනෙරු යශ් පිටිපස්සෙන් යුග්ම ක්ලබ් එක ඇතුලට ඇවිදන් ගියෙ එයෝන් ව එක අතකින් එල්ලගෙන. ක්ලබ් එකෙ අයිතිකාරයා නම් කිසි කතාවක් නැතුව හතර දෙනාගෙම පිටිපස්සෙන් ඇවිදන් ආවා.
වේග රිද්ම ඉන්ග්ලිශ් සින්දු අතරින් ඇහෙන ඩීජේ එක එලියෙ පඩිපෙල දිහාවටම විසිරිලා තිබ්බා. නිල් පාට රතු පාට බල්බ් අතරට අලුතින් එකතු වෙච්ච රෝස පාට බල්බ් පේලි මහ ගොඩක් අස්සෙන් රවුමට හදලා තිබ්බ සුදු පාට සෝෆා පේලි ටික.. එදා තිබ්බට වඩා සම්පූර්ණයෙන්ම ඇතුල වෙනස් වෙලා තිබ්බා. එදා VIP එරියා එක තිබ්බ තැන අද තිබ්බෙ ලොකුවට හදපු ඩාන්ස් ෆ්ලො එකක්. ඔක්කොටමත් වඩා යුග්ම ගෙ ඇස් ගියේ ක්ලබ් එකෙ කොනේම තිබ්බ තැනකට... යුග්ම ගෙ ඇස් ලොකු වෙලා කටත් බාගෙට ඇරුනා. බිම ඉදන් අඩි ගානක් උසට විහිදිලා තිබ්බා රැක් එක පිරිලා තිබ්බ වයින් බෝතල් වොඩ්කා බෝතල් ටික..ඊටත් වඩා රැක් එක තිබ්බ බිත්තිය පුරාවටම ඇදලා තිබ්බ වෝල් ආර්ට් එක. නෑ ඒක නිකම්ම ආර්ට් එකක් නෙවෙයි.. යුග්ම ගෙ කලබල වුනු ඇස් ඒ බිත්තිය පුරාවටම ගියා. ඒකෙ තිබ්බෙ පිරිමි රූපයක් බැල්කනි එකකට බර දීලා වේප් එකක් උරන ගමන් අහස දිහා බලන් ඉන්නවා.. තරු පිරිච්ච අහසක් දිහා.. 

" කොහොමද අපේ එකා ගෙ වැඩ ටික ගැම්මක් නෙ "

" නෝ වේ මචන් මේක නම් පිස්සුවක් යකෝ.. "

යුග්ම පිටිපස්ස හැරිලා අභී දිහා බැලුවා කොල්ලා හිනාවෙලා යුග්ම ට මූනින් ඉස්සරහට යන්න කියලා කිව්වා.
අලුතින් දාලා තිබ්බ සුදු පාට සෝෆා ටික හරියට ඇවිදන් යන චනෙරු ගෙ පිටිපස්සෙන් ම යුග්මත් අඩි තිව්වෙ වටපිටාව පුරාවටම ඇස් දෙක කරකවන ගමන්.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now