_46_

1.1K 165 50
                                    


" යුග්.."

යුග්ම බෙල්ල අභී ඉන්න පැත්තට හැරෙව්වා.
ඒ ඇස් යුග්ම ගෙ ඇස් දෙකේ ඉදන් සැරින් සැරේ තොල් වෙනකම් යනවා. ඒත් අන්තිමට ම තොල් වලින් ඒ ඇස් නවතිද්දි යුග්ම ඔලුව යටින් තියන් හිටිය අත් දෙක ඇදට තද කරගත්තා.
අභී ගෙ කොන්ඩෙ කලින් ට වඩා ටිකක් කොටට කපලා තිබ්බ නිසා ඉස්සරට වඩා වැඩිමල් පෙනුමක් ඇවිල්ලා තිබ්බා. එක පාරක් වුනු වැරැද්ද ආයිත් වෙන්න දෙන්න බෑ. අභී ගෙ හිත රිද්දන්නෙ නැතුව මේ කතාව කොහොම ඉවර කරන්න ද කියලා යුග්ම ට හිතාගන්න බෑ.. යුග්ම ගෙ තොල් වලට ඒ දෙතොල් ලංවෙන්න මිලි තත්පර ගානක් තියලා යුග්ම මූන අනිත් පැත්තට හැරෙව්වා.

" අභී.. ම-මන්.."

" තාමත් බලන් ඉන්නවද ඌ එනකම් "

" මේක වෙන්න ඕනෙ නෑනෙ අභී.. මට ආයිත් උබව රිද්දන්න ඕනෙ නෑ "

" ඌ එනකම් තාමත් බලන් ඉන්නවා ද "

දෙවෙනි වතාවටත් එකම ප්‍රශ්නෙ ඒ මුවින් නික්මෙද්දි යුග්ම ටත් හිතුනා කෑගහලා කියන්න මටත් කියන්න තියෙන්නෙ එකම උත්තරෙ කියලා.. යාලුකම.. තමන්ට කවුරුවත් ම නොහිටිය තැනදි තමන් වෙනුවෙන් හිටිය එකම මනුස්සයා ගෙ හිත දශමෙකටවත් රිද්දන්න යුග්ම ට ඕන වුනෙ නෑ

" ඒක මන් කියන්න හරියටම දන්නෙ නෑ. ඒත් දැන් මන් උබට ඕකට ඉඩ දුන්න නම් වෙන්නෙ උබට බලාපොරොත්තුවක් දෙන එක නෙ.. ඒක වෙන්න දෙන්න ඕනෙ නෑ "

" එච්චරටම මට අකමැතියි ද "

" උබ දන්නවා නෙ මන් මොකක්ද ගැනද කියන්නෙ කියලා. කවුරුවත් ම මට නැති වුනු වෙලාවෙ උබ මන් ගාව හිටියා. ඉතින් මට ඔය යාලුකම නැති කරගන්න ඕනෙ නෑ "

" කවුරුවත් මාව හරියටම තේරුම් ගත්තෙ නෑ අභී. මන් ඇයි ඌටම ආදරේ කරන්නෙ කියලා ඇහුවා විතරයි.."

යුග්ම ඇදෙන් කෙලින් වෙද්දි අභී එහා පැත්තෙන් ඇදේ දිගඇරුනා..යුග්ම ට මේවා අභී ගෙ මූන දිහා බලන්න කියන්න බෑ වගේ හිතුනා.

" ජීවිතේ හැමදෙයක්ම සාධාරණ නෑ ... ඒක නිසා වෙන්න ඇති මන් දීපු ආදරේ අනිත් පැත්තට මට ලැබුනෙ නැත්තෙ. "

" උබේ කතාවෙ මන් වැරදිකාරයෙක් වුනාට මගේ කතාවෙ උබ කියන්නෙ තාමත් මගේ පලවෙනි ආදරේ "

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now