_35_

1.3K 171 61
                                    

එදා මුලු ඉස්කෝලෙම කහ පාට සුදු පාට බල්බ් වැල් වලින් එලිය වෙලා තිබ්බා. ඉස්කෝලෙ ට අවුරුදු අනූවක් වුනු එකට සංවිධානය කරලා තිබ්බ රාත්‍රී පිරිත දැනටමත් පටන් ගෙන තිබ්බෙ. නවය සෙක්ෂන් එකයි දහය සෙක්ෂන් එකයි පිරිත් වෙලාවෙ මේන් හෝල් එකෙ වාඩි වෙලා ඉද්දි ප්‍රිෆෙක්ට්ස් ලා ඔක්කොම මේන් හෝල් එක ලග යි මේන් ගේට් එක ලගයි ඩියුටි වැටිලා තිබ්බා. ලොකුවටම සංවිධානය කරලා තිබ්බ පිරිත් දේශනා ව ආරම්භ වෙලා ඉස්කෝලෙ ඉහල තනතුරු වල ඉන්න බාගයක් ම සුදු ඇදගෙන මේන් හෝල් එක ඇතුලෙ ඉද්දි. ඉස්කෝලෙ පිටිපස්සෙ ගේට් එක ලග තිබ්බ ජිම් එකටත් මේ වෙලාවෙ ලාවට පිරිත් සද්දෙ ඇහෙන ගමන් තිබ්බෙ. පොඩි පොදයක් එක්ක රාත්‍රී දහය පහුවෙද්දි ජිම් එක ඇතුලෙ දොරේ නොබ් එක කැරකැවිලා ඇතුළෙ හිටිය පිරිසට තව පස් හය දෙනෙක් එකතු වුනා. ජිම් එක පුරාම පැතිරිලා තිබ්බ අරක්කු ගද යි වොඩ්කා ගදයි ලාවට ඇහෙන මදුවිත තොල ගාන කොල්ලන්ගෙ හිනා හඩයි එක අංශු මාත්‍රයක් එලියට ඇහුනෙ නෑ. දහය සෙක්ෂන් එකෙන් බාගයක් ම කොල්ලොන්ට දැනටමත් වෙරි වෙන්නම වැදිලා තියෙද්දි ඒ අතරෙ හිටිය නවය සෙක්ෂන් එකෙ පොඩි උන් ටික ජීවිතෙ පලවෙනි මත්වතුර අත්දැකීම ලබාගන්න ගමන් හිටියෙ. ඒ අතර හිටිය ඉස්කොලෙ ෆේමස් ම පොඩි කොල්ලො හතර දෙනෙක්.. වොඩ්කා වලට ස්ප්‍රයිට් කවලම් කරලා ලාවට ගහන ගමන් හිටිය යුග්ම ත් පැය බාගෙට පස්සෙ වැනි වැනි ම ජිම් එකෙ වොශ්රූම් තියෙන හරියට ඇවිදන් ගියා. පලවෙනි ම වතාවට ඕනවටත් වඩා සැරට ගත්ත නිසා කොල්ලා වොශ්රූම් එකෙ සින්ක් එකක් අල්ලන් නැවිලා වොමිට් කරන්න හැදුවා.. උගුර දන්නගෙන එන ඒවා උගුරින් එලියට ආවේ නැති නිසා කොල්ලා හිටියෙ අමාරුවෙන්.

" යුග්ම "

පත්තුවෙලා තිබ්බ එකම බල්බ් එකත් නිවි නිවි දැල්වෙද්දි දොරක් ඇරිලා ඇතුලට ආව අභී ගෙ රූපෙ යුග්ම ගෙ ඇස් වලට පැහැදිලිව අහුවුනා. කකුල් දෙක තියන පැත්තට නොයද්දි කොල්ලා සින්ක් පේලිය අල්ලගෙනම ඇවිදන් ඇවිත් ඇවිල්ලා හිටිය අභී ගෙ උරහිස් දෙකෙ එල්ලුනා..කොල්ල බීලා පුරුදු එකෙක් නෙවෙයි හැබැයි අභී හැදුනෙ ක්ලබ් එකක් අස්සෙ ඉතින් පොර පලවෙනි පාරට බෝතලයක් ගහලා තිබ්බෙ හය වසරෙදි.. යුග්ම හිටියෙ මත්වෙලා හරි සිහියෙන් ගොඩක් ඈත.. හැබැයි අනිත් කෙනා ඉන්නෙ හරි සිහියෙන් කියන්න යුග්ම වගේ ම ඒ කෙනත් දැනන් හිටියා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now