_07_

1.4K 207 25
                                    

" චනෙරු... මන්.. අනෙ.. මට අරූව ඕන...ඌව  මන් ගාවට ගෙනල්ලා දීපන්කො බන්..."







" ආරෝන්... "

" ම්ම්.. ඔව්.."

" ඉතින් උබ ආස්ක් අවුට් කරාද අද අර පැනගෙන ගිහිල්ලා.."

තමන් ව අලුකරන්න වගෙ බලන් ඉන්න චනෙරුගෙ බැල්ම මගහැරලා යුග්ම ඉස්සරහ බලාගත්තා.

" හ්ම්... ඒ වගෙ ටිකක්..."

" කවද්ද මට කියන්න හිතන් හිටියෙ උබ.."

" අනෙ බන් මාව අවුල් වෙලා යකො. ඌ ඇවිල්ලා මාව අවුල් කරලා මට තේරෙන්නේ නෑ බන් . උබලට කියන්න ඕන වුනා ඒත් මගෙ හිත ඇතුලෙ වෙන්නෙ මොකක්ද කියලවත් මට තේරුමක් නෑ බන්. ඉතින් කොහොමද කියපන් උබලට කියන්නෙ.."

" උ.. උබ කොහොමද කිව්වෙ ඒ ආරෝන් කියලා.." 

" හිතුනා.. උබ ඉස්කොලෙ දි ඕලෙවෙල් පැත්තෙ වැඩියෙන් යද්දි ..මන් මුලින් හිතුවෙ උබ ඒ සෙක්ෂන් එකෙ කා එක්ක හරි වලියක් දාගන්න කියලා පස්සෙ හිතුනා තවිදු මල්ලිගෙ වැඩකට වෙන්න ඇති කියලා. ඒ වුනාට ආරෝන් ව දැක්කම උබ කලබල වෙද්දි මට හිතුනා.. උබ ආරෝන් දැක්කම උබෙ ඇස් වෙව්ලනා වගේ එකක් වෙනවා. ඉස්සර එයෝන් ගෙ ඇස් දිහා මන් කෙලින් බලන් කතා කරද්දි ඌත් එහෙමයි.."

" මන් මොකක්ද කරන්නෙ බන්.. මට සමාවෙයන් උබට කිව්වෙ නැති උනාට. මගෙ හිතෙ තිබ්බ දෙ මොන වගෙ එකක්ද කියලා හිතාගන්න බැරුව හිටියෙ.. මට ඌව ඕන චනෙරු. එක දවසක් ඌව නොදැක ඉන්න බැරි තරමට මට මොකක්ද මෙ වුනෙ.. "

යුග්ම ටේබල් එක උඩින් ඔලුව තියාගත්තෙ ඇස් වල එකසැරේ ම බැදුනු කදුලු පටලෙ චනෙරු ගෙන් හංගගන්න ඕන නිසා.. මෙ වගෙ පොඩි සිද්ධියකට කදුලු වට්ටන්න තරම් බොලද වෙන්න යුග්ම ට ඕන වුනෙ නෑ. 

" ආදරෙ ශක්තිමත් මිනිස්සු දුර්වල කරනවා කියලා අහලා තිබ්බට දැක්කෙ අද.."

හංගන්න හැදුවත් ඊටත් කලින් ඇස් වලින් එලියට පැන්න කදුලු බිංදුව යුග්මගෙ ඉස්සරහින් වාඩිවෙලා හිටිය චනෙරු දැක්කා

ඇත්ත හිත් ගල් වගෙ මිනිස්සුන්ව දෙවියන් මවන්නෙ ඒ හිත් එක්ක තව ආත්මයක් පටලවලා..ඒ ආත්මෙ පස්සේ ජීවිතෙ හම්බුනු දවසට අර ගල් වගෙ හිත් උනු වෙලා දියවෙලාම යනවා. ඉතින් ඔය ගල් වගෙ හිත් තියෙන මිනිස්සු දුර්වල වෙන එකම තැන ආදරෙ දි විතරයි.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now