_37_

1.3K 168 13
                                    

මිනිහෙක් ගෙ ඇස් වහලා ඇස් ඇරෙන පලවෙනි තත්පරය ඇතුලෙදි මැවෙන කෙනෙක් වෙන එක ලේසි නෑ.. යුග්ම බලන් හිටියෙ එයාගෙ එක අතක් පටලවන් ඉතුරු තනි අතින් කාර් එක ඩ්‍රයිව් කරන රූපෙ දිහා.. එක චූටි ස්පර්ශයක්.. ලාවට වැදෙන්න දෙන හාදුවක්..පුන්චි වැලදගැනීමක් ඒවයින් සමහර අමුතු හිත් හරි ලස්සනට පන ගැහෙනවා...
හිස් වෙලා තිබ්බ හිත් හරි ඉක්මනට වාන් දානවා..
පිරිමිකම ඕනවටත් වඩා පේන ඒ ආඩම්බරකාර මූන.. සැරින් සැරේ ට මූනට එන සෙල්ලක්කාර හිනාව.. හිටිය ගමන් කියවන ආදරණීය වචන.. යුග්ම හිටියෙ ඒ රූපෙන් මත් වෙලා..
ආදරේ කරද්දි ලැබෙන දරුණුම දඩුවම් තියෙන්නෙ දෙකයි.. එකක් ආදරයක් ලැබෙන්නේ නැති හිතකට ආදරේ කරන්න වෙන එක...
අනිත් එක තමයි..ආදරේ කරන කෙනා ඉස්සරහ ඇවිලිලා ඉද්දිත් තපස් රකින්න වෙන එක..
ඉතින් යුග්ම දැන් හිටියෙ මේ දෙවෙනි දඩුවම විදින ගමන්.
රේඩියෝ එකෙන් ඇහෙන මියුසික් එක කාර් එක පුරා විසිරිලා තියෙද්දි යුග්ම ගෙ අතේ තිබ්බ අයිස් කොෆි එකෙ හිස් කප් එක ඒ අතට මිරිකිලා ගිහිල්ලා දැන් ගොඩක් වෙලා.
යුග්ම කියන්නෙ සාමාන්‍යයෙන් රෑට ඇහෙන ස්ලොව් මියුසික් එකක් මගහරින කෙනෙක් නෙවෙයි ඒත් අද කොහොම හිත එකතැනක තියාගෙන සින්දුවක් රසවිදින්න ද  මේ ආත්මෙටවත් රසවිදලා ඉවර කරන්න බැරි විදියෙ රූපයක් ඇස් ඉස්සරහ තියෙද්දි.
ඉතින් ආදරය කියන්නෙ ලස්සන මැජික් එකක්.. ගල් වගේ හිත් අස්සෙ කුණාටු ශීත නියං කාල වලදිත් මල් පැල කරන්න පුලුවන්

ආරෝන් කාර් එක නැවැත්තුවෙ කහ පාට ලයිට් එලියක් විහිදුනු කණුවක් යටින්. යුග්ම අයිස් කොෆි කප් එක දොරෙන් රදවලා දොර ඇරලා එලියට බැහලා කාර් එකෙ බොනට් එක ට හේත්තු වෙලා බලන් හිටියෙ කාර් එකෙ අනිත් පැත්තෙන් බැස්ස කඩවසම් රූපෙ දිහා.. කලු පාට carnage ෂර්ට් එකට කලුපාට ලෙදර් ජැකට් එකක් දාලා බෙල්ලෙන් පහලට එල්ලෙන චේන් එක මැග්නට් ඉයරින් දෙක.. එක අතකින් මේ පැත්තෙ ඉන්න හොදම කෑලි ටික මූට සෙට් වෙන එක අහන්නත් දෙයක්ද.. යුග්ම ලයි වයසෙ කොල්ලො අතරේ ආරෝන් ප්‍රසිද්ධ වුනෙ ඒ අවුරුද්දෙ කෙල්ලො දෙතුන් දෙනෙක්ම ඒ වයසෙ කොල්ලො ටිකකට බූට් තියලා යාලු වුනු පොඩි එකා මූ කියලා.. කොහොමත් ආරෝන් ව ඔය අක්කලා කියන කාන්ඩෙ ඇතුලෙ සෑහෙන්න ෆේමස්..

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now