_28_

1.4K 174 23
                                    

ජීවිතේ හැමදාම නරක දවස් තියෙන්නෙ නෑ ඔරලෝසුවෙ කටු කැරකෙන්න කැරකෙන්න දවස් ගතවෙලා යනවා පාට දවස් වගේ ම අදුරු දවස් ඒ අස්සෙ එන එක සාමාන්‍යයි. සති අන්තයෙ දවස් දෙකම යුග්ම හිටියෙ චනෙරු ලයි ගෙදර. එයාගෙ ' සදා ' එක්ක ගතකරපු ඒ දවස් දෙක යුග්ම ව අලුතින් ජීවත් කෙරෙව්වා වගේ. දවස් දෙකේම මුලු කොලබම ඇවිදලා ෂොපින් කරලා අලුත් කෑම ජාති ට්‍රයි කරලා මූවි ඩේට් ගිහිල්ලා ඉරිදා රෑ වෙද්දි යුග්ම චනෙරු එක්ක සෝෆා එකට වෙලා ' සදා ' ගෙ අලුත්ම රෙසිපි එකක ට හදලා දුන්න ෆලූඩා වීදුරුවක් බොන ගමන් හිටියෙ. රෝස පාට ෆලූඩා එක උඩින් වැනිලා අයිස්ක්‍රීම් එක්ක ස්ට්‍රොබෙරි අයිස් ක්‍රීම් දාලා වීදුරු ව යටින් චොක්ලට් රේඛා ගිහින් තිබ්බ ෆලූඩා එක යුග්ම අත් දෙකින් ම බදන් හිටියෙ. එක උගුර උගුර බිබී දිව වටේ තොල් ගෙනියන කොල්ලා දිහා බලපු චනෙරු එයාගෙ වීදුරු වෙ ඉතුරු වුනු ටිකත් යුග්ම ගෙ එකට දාලා නැගිටලා කුස්සියට ගියා.
' සදා ' හිටියෙ කුස්සියට වෙලා රෑට කන්න සැන්ඩ්විච් හදන ගමන්. යුග්ම ට අද දවල් ආව ලොකු දොලදුකක් නිසා තමයි සැන්ඩ්විච්  කන්න ඕන වුනෙ.

" යුග් උබලයි තාත්තා අපේ තාත්තට කතා කරලා තිබ්බා "

යුග්ම හිටියෙ කකුල් දෙකත් සෝෆා එක උඩින් දාගෙන සාලෙ තිබ්බ ලොකු ටීවී එකට එබිලා.

" එහෙමද "

" උබට ඒ මිනිස්සු දෙන්නා උන්නද මලාද කියලවත් දැනගන්න ඕන කමක් නැද්ද."

" මට මෙහෙම හොදයි "

" අන්කල් ලගදිම ආයි මැරි කරනවලු එහේ ලේඩි කෙනෙක් ව.සේනාවී ආන්ටි නම් එනවා කිව්වා ලබන මාසෙ උබට කියන්න කිව්වා..උබෙ ෆෝන් එක මේ ටිකේ ම ඕෆ් කියලා "

" ම්ම් "

" උබ ඇත්තටම හොදින් ද බන් ඔය ඉන්නෙ "

" මන් හිතන එක නැවැත්තුවා කිසිම දෙයක් ඕනවට වඩා හිතන්න හොද නෑ.. වෙන දෙයක් වෙන්න කියලා මන් බලන් ඉන්නවා ඒක ලේසි ඕනවට වඩා හැමදෙයක් ගැනම හිතලා හිත රිද්දගන්නවට වඩා "

" උබ හොදින් නම් එච්චරයි.. ඒත් එලියට හිනාවෙලා ඇතුලින් අඩන්න ලෑස්ති වෙන්න එපා කලින් වගේ.. ඕන දේකට මායි අම්මයි උබට ඉන්නවා හරිද "

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now