_19_

1.5K 208 13
                                    

" ඇයි යකෝ මේක මාර අමාරුවක් නේ.. අද නවතියි හෙට නවතියි කියලා බලන් හිටියා තමුන්ලා ඔක්කොම එකයි එකෙක්ට නිකන් පොතක් පතක් බලන්න ආසාවක් නෑ කෙල්ලොන්ව ෆෝම් කරන්න පුදුම ආසාවක් නෙ තියෙන්නෙ.. "

" අයියො චූටි දැන් මදිද බන් උබ ඊයෙ රෑ ඉදන් එකම එක කියව කියව කෑගහනවනෙ.."

" අනේ මේ සස්මිත.. තමුසෙ මගෙන් අහගන්නෙ නැතුව කට පියාගෙන ඉන්නවද මන් මේ කතාකරන්නෙ මේ තුන් දෙනා එක්ක. තමුන් එක්ක මට කිසි කතාවක් නෑ.."

චනෙරු සනිකවම කට වහගත්තෙ අනිත් තුන් දෙනා දිහා හෙනම අසරණ විදියට බලලා. උන් තුන් දෙනත් ක්ලාස් එකෙ කැඩිච්ච පුටු දිහයි කැරකැවෙන ෆෑන් එක දිහයි බලන් අහිංසකයො තුන් දෙනා වගෙ කටවල් වහන් හිටියෙ එයෝන් අත පය හතර පැත්තට දිග් කර කර බනිද්දි..

එදා රෑ ක්ලබ් එකෙන් ආවට පස්සෙ සෙනසුරාදා ඉරිදා දවස් දෙකම කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවුනෙ කොල්ලො පස් දෙනාම දවස් දෙකේම මුලු කොලබම කරක් ගැහුවා. චනෙරුයි අභි යි දෙන්නත් ගෙදරින් එලියට බහින හැමතිස්සෙම යුග්මලයි ගෙදරට ගිහින් කොල්ලවත් අරන් ඇවිද්දෙ එක විනාඩියක්වත් කොල්ලව තනියෙන් තියන්නෙ නැතුව.. ගොඩ කාලෙකට පස්සෙ කොල්ලො පස් දෙනාම පහුවුනු දවස් දෙකෙ ඇති තරම් විනෝද වුනා හැබැයි ඊටපස්සේ දවස එයෝන් ඇරෙන්න අනිත් තුන් දෙනාගෙම අවාසනාවන්තම දවසක්. චනෙරුගෙ ලග තිබිලා එදා ක්ලබ් එකෙ වී අයි පී බිල් එකක් එයෝන් හොයාගෙන තිබුනා. එයෝන් හොදටම දන්නවා ඔතන ඇතුලට ගියාම වෙන්නෙ මොනවද කියලා. ඒක දැකපු වෙලාවෙ ඉදන් චනෙරු එක්ක වචනයක් කතා නොකරපු කොල්ලව යාලු කරගන්න චනෙරු හෙන ගේමක් දෙන ගමන් හිටියෙ.

" මන් කියන්නෙ එයෝන් අපි ගියා තමයි ගිහින් පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ආව එච්චරමයි වුනෙ.."
යුග්ම හෙන අහිංසක හිනාවක් දාලා එයෝන් දිහා බැලුවට එයෝන් ගෙන් ලැබුනු රැවිල්ල එක්ක යුග්ම අනිත් පැත්ත හැරිලා පැත්තක හිටිය චනෙරුට රවලා අහක බලාගත්තා.

" ආහ්.. ඇත්තද මහත්තයො තමුන් ලට ඒ වගේ තැනකට ගිහිල්ලා සිල් අරගෙන වගෙ ඉන්න පුලුවන් වුනානම් බැරිය...බොරුවක් කියද්දි පොඩ්ඩක් හරි විශ්වාස කරන්න පුලුවන් එකක් කියනවා මෝඩ පුත්තු ටික ඔක්කොම එකයි.. අනිත් එකා තමුසෙ අභී අඩු හතරෙන් ද එදා ගෙදර ගියෙ ඈ.. යකෝ තාම ඉගෙනගන්න කොල්ලො හැසිරෙන්නෙ නිකන් කසාද බැදලා ලමයි හතරක් පහක් ඉන්න මිනිස්සු වගෙ.. එක අතකින් එදා ඉදන්ම මන් නිකන් හැම එකටම කෑගහනවා විතරයි වැඩක් නෑ උබලට මේවා කියලා."

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now