_ 22 _

1.4K 180 6
                                    

" අභිලාෂ්... අභිලාෂ්... අභී යෝ..."

" මොකද මිනිහො.. මන් පිටිපස්සෙ තියාගෙන බෙරිහන් දෙන්නෙ "

" කෝ අනේ අර මගුල නෑනෙ මන් දැන් ටිකකට කලින් මෙතන තියලා ගියෙ. ගත්ත එකෙක් දීපන් හු.. මේ ලබ්බෙ ෆෑන් එක ගලවලා දාපන් ඔයිට වඩා වේගෙන් මට ඕක අතින් කරකවන්න පුලුවන්.. අනේ අභී යො නම් ලිස්ට් එක නෑනෙ.."

යුග්ම හිටියෙ ප්‍රිෆෙක්ට් රූම් එකෙ මේසයක් අවුස්සන ගමන්. රූම් එක දෙක වෙන්න කෑගහන යුග්ම දිහා අභී පැත්තකට වෙලා හිටිය බලන් හිටියෙ කම්මුලට අතක් තියාගන්න ගමන්.

" ස්කොඩ් එකට ඉන්න උන් ගෙ නේම් ලිස්ට් ටික හවුස් කැප්ටන් ලා ලග ඇතිනෙ උන්ගෙන් ඉල්ලා ගමු. උබ දැන් ඕක හොයන්න කියලා ඔතන පෙරලන් තියෙන විදියට දැන් ඔය කොලෙ හොයාගන්නවා බොරු. උබලයි හවුස් එකෙ ලිස්ට් එක කා ගාවද. අපේ එක මන් ගාව ඇති අනිත් එක චනෙරු ගෙන් ඉල්ලගමු දේව් එකේ ලක්ෂිත ගෙන් ඉල්ලගමු ඉවරයි නෙ.."

" කෝ අකීෂ් ඌට එන්න කියපන් මට බෑ ඔය රාජකීයෙ එක බලන්න යන්න. ඌ ෆ්‍රී නෙ උබ ඌව එක්කන් පලයන් කො. අර කෝච් කාරයා මාව මරන් කන්නෙ නැති එක විතරයි ප්‍රැක්ටිස් ආවෙ නෑ කියලා. අදත් ගියෙ නැති වුනොත් ඕකා මගෙ ඇදුම් ඔලුවෙන් ගලවයි හෆ්... "

" හරි හරි ඌ එක්ක තමයි යන්න හිටියෙ කොහොමත්.. උබ ප්‍රැක්ටිස් පලයන් මට අකීෂ් කිව්වා කෝච් උබලා එක්ක එල්ලෙනවා වැඩියි කියලා.. ඌටත් කන ගොඩ වෙන්න කියලා තිබ්බා මේ ලගදි "

" දැන් ඉන්න එකා ගැන කතාකරන්න එපා.. අපේ කෝච් එනකම් බලන් ඉද්දි මූ අපිට ස්විමින් එපා කරලා නවතීවි... "

" ප්‍රින්සිපල් කිව්වා ලබන මාසෙ අග විතර කෝච් සර් එනවා කියලා එතකන් දැන් ඉන්න එකා එක්ක අල්ලන් ඉදපන් කොහොමහරි.. "

" හෆ්... දෙයියනෙ දෙයියනේ ස්ට්‍රෙස් මට "

යුග්ම ඇග පන නැති කරලා අභී ඉන්න පුටුවට එහායින් තිබ්බ පුටුවක් උඩට වැටුනා හැබැයි අවාසනාව කියන්නෙ කොල්ලා ඇදන් වැටුනෙ කකුලක් කැඩිලා පැත්තකට කරලා තිබ්බ පුටුවක් උඩට. යුග්ම ඒ පුටුවත් පෙරලන් බිම වැටුනෙ කොන්ද හොද පාරකින් බිම ඇනෙද්දි. යුග්ම ගෙ මූන ඇබුල් වෙලා යනවා දැකපු අභී ලාවට නැගීගෙන ආව හිනාව හංගගෙන යුග්ම ව ඇදලා නැගිට්ටෙව්වා. මේ වෙලාවෙ රූම් එක ඇතුලෙ හිටියෙ මේ ඩබල විතරයි. යුග්ම කොහොමත් ටිකක් ෆ්‍රී විදියට හැසිරෙන්නෙ දන්න කියන අය ඉන්න තැන් වල විතරයි..චනෙරු යශ් අභී එයෝන් හතර දෙනා ඇරුනම අකීෂ් යසිදු තරිදු තුන් දෙනා එක්ක ඉද්දි විතරයි කොල්ලගෙ  කටින් මේ විදියට හරි හරියට දගකාර වචන පිටවෙන්නෙ. යුග්ම ගැන එලියෙදි දකින ඕන කෙනෙක්ට හිතෙන්නෙ රලු තනිකරම ආඩම්කාර චරිතයක් විදියට වුනාට ලගින් කොල්ලව ආශ්‍රය කරන උන් දන්නවා කෙනා ගෙ හැටි. කොල්ලා අනිත් උන් එක්ක කොච්චර ප්‍රශ්න දාගත්තත් ඒවා යටින් විසදගන්න ක්‍රම යුග්මට තිබ්බ. චනෙරු යශ් වගෙ කෙලින්ම අත පය උස්සන් යුග්ම කවදාවත් වලියකට ගියෙ නෑ. යුග්ම ගෙ ඕඩර්ස් වලට වැඩ කරන දෙතුන් දෙනෙක් යුග්ම ගාව හිටියා. උන් යුග්ම ට වැඩ කරෙ මිස්ටර් වික්‍රමසිංහ ගෙ තනි ඕඩර් එකකට. ඒ නිසා තමයි තාත්තා කියන කෙනා ලංකාවෙ නැති වුනත් යුග්ම ට කවුරුවත් මෙච්චර කාලෙකට අතක් උස්සලා නැත්තෙ. අනිත් කෙනා තමයි යුග්ම ගෙ දගකාර කම ගැන හොදටම දන්නෙ ඌ යුග්ම දාගන්න  ඕනම නඩුවකට හෙවනැල්ල වගෙ ඉදන් කොල්ලව පරිස්සම් කරන්න තාත්තගෙන් පස්සෙ හිටිය ඒ පිරිමියා තමයි චනෙරු.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now