_50_

1.4K 199 129
                                    

වචන තිබ්බත් ගොලු වෙන මොහොතවල් විදලා තියද මේකත් ඒ වගේ.. යුග්ම හිටියෙ මුවින් ගොලු වෙලා.. නෑ යුග්ම ට කතාකරගන්න තරම් හයියක් තිබ්බෙ නෑ. අවුරුදු හතරකට වඩා වැඩියි අද ඒ රූපෙ ඇස් ඉස්සරහට එද්දි. එදා දැකපු රූපෙ අද වෙද්දි වෙනස් වෙලා ද කියලා බලන්න ඕන වුනත් යුග්ම එක තත්පරයක ට මූන ඉස්සුවෙ නෑ. මේ මුලු අවුරුදු හතර පුරාවටම හීන මැව්වා ආයිත් ලංකාවට ආවම මේ ඇස් දෙක ඉස්සරහ ආදරෙන් තුරුල් වෙන්න. ඒත් දැන් යුග්ම හිටියෙ හිතට දැනෙන හැගීම් ගොන්න එක්ක ලොක් වෙලා. කොටින් ම කිව්වොත් මේ වෙලාවෙ යුග්ම ට දැනෙන්නෙ සතුටක් ද එහෙමත් නැත්නම් කඩාවැටීමක් ද කියන්නවත් යුග්ම ට තේරුනෙ නෑ.

තවිදු ගෙනල්ලා දීපු වතුර බෝතලයෙන් වතුර දාලා ලේ ගලන ආරෝන් ගෙ උරහිස හෝදලා දාලා ගලවලා දාපු සුදු ටී ෂර්ට් එකෙන් ම උරහිස එතුවා. යුග්ම හිටියෙ තුන් හතර පාරක් ම ගලවා ගලවා එතන ඔතන ගමන් මොකද යුග්ම ට දැන්ම මූන උස්සලා ඒ ඇස් දිහා බලන්න බෑ කියලා හිතුනා. ඈත්තටම යුග්ම හිටියෙ දැන් ඇදගෙන බිමට වැටෙයි කියලා බයෙන් ඒ තරමට ම කොල්ලගෙ කකුල් වල ඉදන්ම ඇග පන නැති වුනා.

" යුග්ම "

ගොරෝසුයි ද..
නෑ තව ටිකක් ගැඹුරු වෙලා ද...
ආදරේ චුට්ටක්වත් ගෑවිලා නැති කටහඩක් ද..
යුග්ම හිටියෙ ඒ අකුරු තුන ආව හඩ තේරුම් බේරුම් කරගන්න බැරුව

" යුග්ම මොකද මේහ්... උබ වෙව්ලනවා "

යුග්ම ගෙ අතක් ආරෝන් ගෙ අතකට පැටලුනා. ' තවත්නම් දරාගන්න බෑ ' යුග්ම ගෙ හිත ඇතුලින් සිය වෙනි පාරටත් කෑගැහුවා.

" අයියෙ මොකද වුනෙ. කොහෙහරි වැදුනද බන්. අනේ.. තුවාල වුනාද මන් නිසා රන්ඩුව මැදට පැන්නෙ ඇයි බන් "

තවිදු ඇවිල්ලා ආරෝන් ගෙ උරහිස පැත්තට ඔලුව හරවන් හිටිය යුග්ම ව අල්ලලා කෙලින් කරලා අත් දෙක අල්ලලා බලන ගමන් යුග්ම ගෙ ඇග වටේ රවුමක් ඇවිද්දෙ කොල්ලා වෙව්ලන්නෙ රණ්ඩුව මැද්දෙදි කොහෙහරි වැදිච්ච පාරකට කියලා හිතලා.

" තවිදු උබ ගිහිල්ලා මගේ කාර් එක මෙතෙන් ට අරන් වරෙන් කො.. එලියෙ එයෝන් අයියා හිටියොත් කියන්න යුග්ම මන් ගාව කියලා "

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now