_34_

1.3K 165 49
                                    

චනෙරු ඇද ගාවම තිබ්බ පුටුව ඇදලා අරන් වාඩිවෙලා බලන් හිටියෙ ඇද උඩ හාන්සි වෙලා ඉන්න යුග්ම දිහා. මෙච්චර කල් ඕන
කියලා දෙයක් පෙන්නුවම ඒක ඊළග විනාඩියෙම කොහොමහරි කොල්ල ගෙ අතට ගෙනල්ලා දුන්නා ඉතින් යුග්ම ට ගෙනල්ලා නොදුන්න එකම දේ.. ඒක අද තනියෙන්ම යුග්ම අයිතිකරගෙන කියලා චනෙරු ට තේරුනා. එක අතකින් ආදරේ කියන හිතුවක්කාර හැගීම කා වෙනුවෙන් එන්න බැරිද හරියට නිකන් කෙල්ලො ගැන විතරක් ම හිතුව තමන් දැන් එක කොල්ලෙක් වෙනුවෙන් මුලු හිතින් ම ආදරේ කරද්දි...
යුග්ම ගෙ එක කම්මුලක් ආරෝන් ගෙ බඩට  තෙරපිලා තියෙන විදියෙන් හරි හුරතල් පෙනුමක් ඇවිල්ලා. කොහොම හිටිය එකෙක් ද මේ...මේ පැය බාගෙට කී වෙනි වතාවටද මන්දා චනෙරුට ඒක මතක් වෙලා හිනා ගියා.
යුග්ම කියන්නෙ මොන වගේ කෙනෙක් ද කියන එක මේ ලෝකෙ කාටත් වඩා හොදට දන්නෙ චනෙරු...ඉතින් කොල්ලට අද ලෝබයි තමන් ගාව සහෝදරයෙක් ගානටම හිටිය කොල්ලා මේ විදියට තව පිරිමි පපුවක් උඩ ආදරෙන් වැතිරිලා ඉද්දි..
ආරෝන් ව තමන් ට පිලිගන්න පුලුවන් ද බැරිද කියන එකට වඩා යුග්ම ගෙ සතුට මේ වෙලාවෙ වැදගත්.. ඉතින් එක්කො මේ ආදරේ නිසා මූ හිනාවෙයි නැත්නම් ජීවිත කාලෙම අඩයි..  යුග්ම වෙනුවෙන් මෙච්චර කල් චනෙරු අභී දෙන්නා හිටිය විදියට අද ඉදන් එතනට තව කෙනෙක් එකතු වෙනවා කියලා චනෙරු දන්නවා. චනෙරු ඒ මූනෙන් ඇස් අරගත්තා. යුග්ම ගෙ අත් දෙකම හරි පරිස්සමට ආරෝන් ගෙ බද වටේ එතිලා තියෙද්දි ආරෝන් ගෙ එක අතක් යුග්ම ගෙ ඉත්තෑකූරු කොන්ඩෙ අස්සෙන් ගිහිල්ලා තිබ්බා...
චනෙරු ඒ දිහා බලන් හිටියෙ ආදරේ පිරිච්ච ඇස් දෙකකින්... මෙච්චර වෙලාම ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා හිටිය ආරෝන් ගෙ ඇස් තිබ්බෙත් චනෙරු දිහාවට..

" පුලුවන් නම් එක පාරක් මූව අඩවපන් මන් උබට යහතින් ඉන්න දෙන්නෙ නෑ... මෙච්චර කල් මූ ගෙදර මිනිස්සු නිසා විදවපු ටිකට තව උබත් හේතුවක් වෙනවට මන් ආස නෑ මල්ලි.. ඒ නිසා මූව ආදරෙන් බලාගනින්.. අපේ එකා ආදරේ හොයනවා වැඩියි ඌ හිටියෙ හැමදාම තනියෙන් ඒ නිසා මූ ඉල්ලන ආදරේ දෙන්න දෙපාරක් හිතන්න එපා. උබ ගැන මන් අහලා තියෙන ඒවා දැකපු ඒවා එකක්වත් හොද දේවල් නෙවෙයි. හැබැයි උබ අදින් පස්සෙ ආයිත් කලින් වගේ හැසිරෙන්න ගියොත්... "

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now