_47_

1.3K 157 65
                                    

" මන් දැන් මේක ඇතුලට යන්නම ඕනෙ ද "

යුග්ම ඇස් දෙක හිනී කරන් අභී දිහා බැලුවෙ මේ වෙලාවෙ අභී ගෙ මූනෙ තිබ්බ බැල්ම කොල්ලට වැඩිය ඇල්ලුවෙ නැති නිසා

" ඔව් බන් ඔව් අන්කල් ඇතුළෙ කතාකරලා වරෙන්කො හොද එකා වගේ "

" මට තාත්තා එක්ක කතාකරන්න තරම් දෙයක් නෑ. මොන මගුලකටද තාත්තා උබව මේවට ඇදලා ගත්තෙ "

" ඉස්සෙල්ලා ගිහින් වරෙන් කො උබ මෙතන ඉදන් කියවන්නෙ නැතුව "

" එහෙනම් උබත් වරෙන් කො ඇතුලට "

" දරුවො මොනදේ වුනත් ඒ උබේ තාත්තා කියන එක අමතක කරන්න එපා. මෙච්චර කල් ඔය තරමින් හරි උබව ජීවත් කෙරෙව්ව මනුස්සයා නෙ ඔය "

සුදු පාට හොටෙල් රූම් එකේ එලියෙ දිලිසෙන පොඩි කොටුවක ගහලා තිබ්බ බිංදු දෙකයි තුනයි රූම් අංකය දිහා බලාගෙනම යුග්ම ඇතුලට තල්ලු වුනෙ අභී දොරට නොක් නොකරම ඇරලා දාලා කොල්ලව ඇතුලට තල්ලු කරපු නිසා.
රූම් එකේ තිබ්බ සෝෆා එක උඩ කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙලා යුග්ම ට පිටුපාලා ටයි කෝට් දාගෙන හිටිය කෙනාව අදුරගන්න කොහෙත්ම යුග්ම ට අමාරු වුනෙ නෑ. මිල අධික සිගරට් පෙට්ටියක් අතේ තියාගෙන ඉන්න ගමන් රූම් එකෙ වීදුරුවෙන් පේන එලිය දිහා බලන් ඉන්න තාත්තා ව යුග්ම දැක්කා.

" උබව අල්ලගන්න හරි අමාරුයි නෙ. අපෙන් එච්චර ලොකු වැරැද්දක් වුනාද උබට ඔහොම අපිව මගාරින්න තරම් "

" වුනු දේවල් කාටත් වඩා හොදට ඔයා දන්නවනෙ තාත්තා "

යුග්ම ඒ සෝෆා එකට ඉස්සරහින් තිබ්බ ටේබල් එක ගාවින් ගිහින් වාඩිවුනෙ ටේබල් එක උඩ තිබ්බ වතුර වීදුරුව එක උගුරට බීලා ඉවර කරලා දාලා

" අම්මට යි මටයි උබව ටිකක් මගැරුනා කියන්න මන් දන්නවා පුතා. ඒත් අපිට ඉන්න එකම ළමයා උබ විතරයි. "

" කෙලින්ම කාරණාව කියන්න තාත්තා වෙන බයිලා මෙතෙන්ට වැඩක් වෙන එකක් නෑ "

" මයින්ඩ් යුවර් ලැන්වේජ් යුග්ම "

යුග්ම කට කොනින් හිනාවෙලා සෝෆා එක උඩ තිබ්බ සිගරට් පැකට් එක ඇගිලි තුඩු වලින් අරගත්තා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now