chapter 1

5.5K 455 60
                                    

මුලු කාමරයම තිබුනෙ දැඩි නිහඩතාවයක ගිලිලා.වහපු ජනේල් තිර නිසා කාමරේ ඇතුලෙ තිබුනෙ අන්ධකාර මූසල පෙනුමක්..නිහඩතාවය කොච්චරක්ද කියවනවනම් කාමරේ ඔරලෝසුවෙ ටික් ටික් හඩ ඇහුනෙත් පුදුමාකාර සද්දෙකින්..
       ඇද පාමුල බිම වැටිලා හිටිය කිම් ටේහ්‍යුන්ගෙ ඇස් ගියේ ටික් ටික් ගාන ඔරලෝසුව දිහාට..ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු එයාගෙ ඇස් ඊලඟට හෙමින් තමන්ගෙ වම් අත දිහාවට හැරුණා.මැනික් කටුව ගාවින් ඉවරයක් නැතුව ලේ ගලන තමන්ගෙ අත දිහා බලන් ඉන්න ටේට දැනුනෙ මුලු ඇගම පණ නැති වීගෙන යනවා වගේ..දකුණු අතින් තදින් අල්ලන් හිටපු බ්ලේඩ් තලයත් ටේට අතෑරුනෙ ඒ නිසයි..ජීවිතේ පළවෙනි වතාවට තනිකම ටේට තදින්ම දැනුනා..එයාගෙ පියවෙන ඇස් වලින් කදුලු එන්න ගත්තෙත් ඒ දරාගන්න බැරි දුක නිසා...ඒත්.........??
                   එකපාරටම වේගයෙන් කවුද පඩිපෙල දිගේ දුවන් එන සද්දෙ ඇහෙන්න ගත්තා..ගොඩක් අමාරුවෙන් උනත් ටේ ඇස් කරකවලා දොර දිහා බැලුවා..වටපිටාව එන්න එන්න කලුවර වීගෙන එනවා වගේ.එකපාරටම...
   "දඩාස්....."   දොර ඇරපු කෙනා දොර ගාවට වෙලා උස් හඩින් කතා කරා
        " ටේ......."
ඇස් ටික ටික පියවෙලා ආව කෙනාව පෙනුනෙ නැතත් ඒ කෙනා කවුද කියලා ටේට හිතාගන්න පුලුවන් උනා..එයා ලගට දුවගෙන එද්දි ටේ මුලු ශක්තියම එකතු කරලා එයාට කතා කරා..
      "  හ්‍යොන්ග්...."
  එයාව දකිද්දී ටේගෙ මනස අවුරුදු 1 1/2ක් ආපස්සට ගියේ ටේටත් නොදැනීමයි..ඒ එක්කම හැමදේම අදුරු වෙලා ගියා....
........................................................................
🌸 අවුරුදු 1 1/2 කට පෙර🌸

     කාර් එකේ වීදුරුවෙන් එලිය බලන් ඉන්න ටේට කොච්චරවත් ඇස් අහකට ගන්න බැරිවුනා.සෝල් වල ලස්සන නෙත් පුරා වින්ද ටේගෙ හිත කාලෙකට පස්සෙ සතුටින් පිරිලා❤️ටේ දිහා හිනාවෙලා බලන් හිටිය සූ වොන් නූනා ටේට කතා කරා
" දැන් ඇති..ඔයා අදින් පස්සෙ ඉන්නෙ මෙහෙ තමයි ලමයෝ "
ලැජ්ජාවෙන් හිනා උන ටේ ඔලුව කාර් 1 ඇතුලට ගත්තා..එයා සූ වොන් නූනා දිහාට හැරුනා..
    " කුමාවෝ නූනා..ඒ වගේම මියානෙ..ඔයාට වද දෙනවට.."
     නූනා හයියෙන් හිනාවුනා
" ඔයා ඔය ඕක කියන්නෙ 8 වෙනි සැරේට..දැන් ඕක නවත්තගන්න..මමනෙ ඔයාගෙ නූනා..මම නැතුව කවුද ඔයා ගැන හොයන්නෙ පාබූ..ඔයාගෙ අයියා වගේම ඔයාත් ලොක්කෙක් වෙනකල් මම බලන් ඉන්නෙ.."
       අයියා ගැන කියද්දි ටේගෙ හිතේ සතුට අතරින් දුකක් ගලාගෙන ආවා..
       
     Daegu වල ටේ ජීවත් උනේ එයාගෙ ආච්චියි,අයියායි එක්ක..ආච්චිගෙ මරණින් පස්සෙ  ටේව තාත්තෙක් වගේ බලාගත්තෙ අයියා❤එයා නීති උපාධිය හදාරමින් හිටියෙ..නීති විද්‍යාලයේදි තමා එයාට සූ වොන් නූනා හමුවුනේ..ඒ දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා..ඒ වගේම නූනා ටේටත් සැලකුවෙ තමන්ගෙ මල්ලිට වගේ..ටේව seoul high school 1ට ඇතුලත් කරන්න අයියට ලොකු වුවමනාවක් තිබුනා.ඒත්..ඊට කලින්‍ රිය අනතුරක් නිසා එයා ටේවයි,නූනාවයි දාලා යන්නම ගියා..💔😪එදා ඉදන් ටේට හැමදේම උනේ නූනා..
   අයියා හැමදේම ලෑස්ති කරලා තිබුන නිසා නූනා ටේට බල කරලා එයාව high school 1ට ඇතුලත් කරා..දැන් මේ දෙන්නා යන්නෙ නූනාගෙ ගෙදර..
        ටේ හොස්ටල් ඉන්නවට නූනා කැමති උනේ නෑ..එයාට ඕනෙ උනේ කොලේජ් 1 ලගම තියෙන තමන්ගෙ ගෙදර ටේව නවත්තගන්න..ගෙදර හිටියෙ නූනාගෙ මල්ලි විතරයි..එයත් high school 1ම student කෙනෙක්.එයා ටේට වඩා සීනියර්..නූනා කිව්ව විදියට එයාගෙ නම kim seok jin..🖤
      " මම ඉතින් ගෙදර එන්නෙ නිවාඩුවක් ලැබුනොත් විතරයි ටේ..අපේ නීති විද්‍යාලය තියෙන්නෙ ගොඩක් දුරනෙ..අපේ මල්ලි ජින් විතරයි ගෙදර ඉන්නෙ.."
      " ඉතින් ඒක හොදයිනෙ නූනා..මම එයා එක්ක හොදින් ඉන්නම්.අපිට එකට පාඩම් කරන්න පුලුවන්,වීඩියෝ ගේම් ගහන්න පුලුවන්.😋 තව..."
        " එයා එක්ක ඒවා හරියන්නෑ ටේ"
"  ඒ ඇයි නූනා "🤔
ලොකු සුසුමක් එක්ක නූනා කතා කරා.
     " එයා පහුගිය අවුරුදු ගාණටම මාත් එක්ක වචන 50ක් වත් කතා කරලා නැතුව ඇති.එයා හරිම නිහඩයි.කිසිම කෙනෙක්,කිසිම දෙයක් ගැන එයා වද වෙන්නෙ නෑ..එයාට අදාලත් නෑ..මම කෝල් කරොත් මිස කවදාවත් මට කෝල් කරන්නෙ නෑ😒
scl  1 දීත් එහෙමලු.ඒත් teachers ලාගෙ හොදම student එයා..ඒකෙන් ඇති වැඩේ මොකක්ද ?? කිසිම යාලුවෙක්වත් නැතුව..මට හිතාගන්න බෑ මනුස්සයෙක් කොහොමද එහෙම ජීවත් වෙන්නෙ කියලා...😕"
      නූනාගෙ මූනට එබිලා කතාව අහගෙන හිටපු ටේ හුරුබුහුටි විදියට හිනාවුනා..
   " ඉතින් මම එයාගෙ හොදම යාලුවා වෙන්නම්..මට පුලුවන් ඕනෙ කෙනෙක් යාලු කරගන්න..😁"
    " අපෝ ඒක මම නොදන්නවද? මගෙ පැටියා.."
     නූනා ආදරෙන් ටේගෙ නළලට වැටිලා තිබුනු කොන්ඩෙ අවුල් කරා..
    " ඒත් ඔයා එයා එක්ක වැඩි කතාවට යන්න එපා..එයා ඒවාට කැමති නෑ..ඔයා රිලැක්ස් එකේ ඉන්න..ඒක දැන් ඔයාගෙත් ගෙදර..එයා එයාගෙ පාඩුවෙ ඉදපුදෙන්..ආ..ඔන්න අපි ආවා..බලන්නකො හොදද කියලා..😁"
     නූනා ලස්සන ගෙවත්තකට වාහනේ ඇතුලු කරලා නැවැත්තුවා..ඉවසිල්ලක් නැතුව හිටපු ටේ වාහනේ නවත්තන්නත් කලින් එලියට පැනලා ඉවරයි..
    "වා..!!! මේ ඇත්තටම ඔයාගෙ ගෙදරද නූනා😳..චින්චා යෙප්පෝ..😍"
     " ඇත්තටමද ටේ..? ☺️ හරි ඔයාගෙ බඩු ගන්නකො..අපි යන් ඇතුලට..ජින් ඇතුලෙ ඉන්නවා..මම ඔයාට එයාව අදුන්වලා දෙන්නම්කො.."
     නූනා ටේගෙ ඔලුව අතගාලා ඉස්සර උනා..සූට් කේස් අතට ගත්ත ටේ නූනාගෙ පිටිපස්සෙන් ගේ ඇතුලට ගියා..

........................................................................
  
කොහොමද යාලුවනෙ😍..මේ මගේ පලවෙනිම ff 1..ඉතින් වැරදි ටිකක් නෙවේ..ගොඩක් ඇති නේද ? ඒකට සමාවෙන්න😪..බෝරින් වගෙත් ඇති..පලවෙනිම chapter 1 නිසා කතාව හොදයි වගේද කියලා කියාගෙන යන්නකො..දිගටම දාන්නද කියලත් කියන්න..ff ලියන අය තරහා නැතුව වැරදිත් කියාගෙන යන්නකො..මට හදාගන්න..
    සරන්ග්හේයෝ ..😍😍😘😘❤️🖤
   
 

Until we will meet again🖤(Completed)Where stories live. Discover now