Chapter 29

1.5K 315 26
                                    

පහුවදා ටේ පාසල් වෙලාවෙන් පස්සෙ ගෙදර ඇවිත් හවස් වරුවෙ සූදානම් වෙන්න ගත්තෙ ජින් එක්ක සූ මින් බලන්න රෝහලට යන්න හිතාගෙනයි..
ටේගෙ හිතට වචනයකින් කියාගන්න බැරි තරමේ සැහැල්ලුවක් අතරින්ම දැනෙන්න ගත්තෙ ලොකු කුතුහලයක්..

" ඇත්තටම කවුද මේ දේ කරේ..? "

ජින් පහලට එද්දි ටේ හිටියෙ සෝෆා එකේ වාඩි වෙලා කල්පනා කරමින්..
ජින්ව දැකපු ගමන් කල්පනාවෙන් මිදුනු ටේ සෝෆා එකෙන් නැගිටලා ජින් ලගට ආවා....
ජින් ටේ දිහා බැලුවෙ ප්‍රියමනාප බැල්මකින්...ටේගෙ හිතට දැනුනු සැහැල්ලුව ඒ හා සමානවම ජින්ගෙ හිතටත් හොදාකාරවම දැනුනා...
ටේ කිසිම විදියක වේදනාවකින් ජීවත් වෙන එක ජින්ට තරම් මේ ලෝකෙ වෙන කාටවත් දරාගන්න බැරිඋනා....
ඒ නිසා හැමවෙලේම ජින්ගෙ සතුට උනේ ටේගෙ සතුට...හරියට දෙන්නම එක් අයෙක් වගේ.....❤️
ටේ ජින් ගාවට ඇවිත් සිනාමුසු මුහුනෙන් කතා කරන්න පටන් ගත්තා..

" හ්‍යොන්ග් ...ඇත්තටම සූ මින්ගෙ දෙමව්පියො මගෙ වරදක් නෑ කියලා තේරුම් ගත්ත නිසා මගේ හිතට අවුරුදු ගානකට පස්සෙ දැනෙන්න අරන් තියෙන්නෙ ලොකු සැහැල්ලුවක් ...ඉක්මනින්ම ඉස්කෝලෙ අයත් මේ දේ දැනගනී නේද ? මගේ කිසිම වරදක් නෑ කියලා?? "

ජින් මද සිනාවකින් ටික වෙලාවක් නිහඩවම ටේ දිහා බලාගෙන හිටියා..
ඊට පස්සෙ හෙමින් තමන්ගෙ අත ටේගෙ අත ලගට ගෙනගිය ජින්  මෘදුව තමන්ගෙ ඇගිලි ටේගෙ ඇගිලි අතර පටලවාගත්තා...

" හැමදේම හොදින් විසදෙයි ...."

ජින් කිව්වෙ ලොකු විශ්වාසයකින් ...
ජින්ගෙ ආත්ම විශ්වාසය පිරුනු ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ටේගෙ ඇස් දීප්තිමත්ව බබළන්න පටන් ගත්තා ...

" මාත් එහෙම හිතනවා හ්‍යොන්ග්..."

" ජින් හෙමින් තමන්ගෙ අනික් අතින් ටේගෙ නළලට වැටුනු කොන්ඩෙ අවුල් කරේ ආදරය පිරුනු බැල්මකින් ටේ දිහා බලමින්...

" අපි යමු...."

දෙදෙනාම අත් බැදගෙනම ගෙදරින් එළියට බැස්සා..

විනාඩි කීපයකට පස්සෙ ටේ ජින් එක්ක සූ මින් ඉන්න රෝහලට ලගා උනා...
ටේ ජින් එක්ක සූ මින්ගෙ කාමරයට ඇතුලු වෙනකොටත් සූ මින්ගෙ දෙමව්පියො ඇවිල්ලයි හිටියේ...
ඊට අමතරව කාමරේ තවත් පොලිස් නිළධාරියො දෙන්නෙකුත් රැදිලා හිටියා..
කාමරේට ආව ගමන් ටේ මුලින්ම දැක්කෙ මේ පිරිස...ඒත් අන්තිමේදි ඇද මත හිටපු සූ මින් දැක්කට පස්සෙ ටේට අනික් හැමදෙනාවම සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා..

Until we will meet again🖤(Completed)Where stories live. Discover now