Chapter 28

1.5K 328 38
                                    

පහුවදා උදෙන්ම අවදි උන ජින් කෑම මේසයේ වාඩි වෙලා තේ බොමින් ඉන්දෙද්දි කුස්සියට ආවෙ ටේ..
ටේ දකිද්දී ජින්ට මතක් උනේ පෙරදා උදේ උන සිදුවීම..ඒකෙන් පස්සෙ ජින්ට එදා දවසෙම ටේට මුහුණ දෙන්නත් දැනුනෙ පොඩි ලැජ්ජාවක්..
අදත් ටේ තමන් ලගට එද්දි ජින්ට දැනුනෙ තමන්ගෙ ඇග සීතල වෙලා යනවා වගේ...
ඊයෙ ඉදලාම ටේ ජින්ගෙ මේ වෙනස තේරුම් අරගෙනයි තිබුනෙ..
ජින්ගෙ මේ හුරතල් හැසිරීම ටේට නම් ගෙන ආවෙ ලොකු විනෝදයක්..
තමන්ගෙ තේ කෝප්පය අතට ගත්තු ටේ මේසයේ ජින් ගාවින්ම වාඩි උනේ ජින් දිහා බලාගත්වනමයි...

" යා....හ්‍යොන්ග් ...මොකද ඔයාගෙ මූණ ඔය තරමටම රතු වෙලා...නිකන් ලැජ්ජාවෙන් වගේ...."

ජින් තමන්ගෙ මූන ටේගෙන් හංගගන්න වගේ උත්සහ කරමින් උත්තර දුන්නා..

" එහෙම මොකුත් නෑ..."

" නැත්තෙ මොකද? ඒ පාර ඇයි ඔයා මගෙන් ඔයාගෙ මූණ හංගන්නෙ..ආ......මට තේරුනා...අරස්සෝ අරස්සෝ...ඔයා ඔය ලැජ්ජාවෙන් ඉන්නෙ මට ඊයෙ කිස් එකක් දුන්න නිසාද ?? ඔව්..ඒක තමා.."

ඒ කීමත් එක්කම ජින් කලබල උනේ ටේට හිනාව නවත්තගන්න බැරි තරමටම..

" නෑ...එහෙම දෙයක් නෙවේ..."

" එහෙම දෙයක් තමයි...හ්‍යොන්ග් ...ඔයාට ඒක ඔච්චර ලැජ්ජනම් ඇයි ඔයා දුන්නෙ?..ආ..ඔයාට ඕනෙ උනේ ෆෝන් එක මගෙ අතින් ගන්නනෙ නේද ?? අනික ඔයා හැසිරෙන්නෙ නිකන් කාටවත් මීට කලින් කවදාවත්  කිස් එකක්වත් දීලා නෑ වගේනෙ.."

ඒ එක්කම ජින් ටේ දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ බැල්මකින්..
ටේටත් ඒ බැල්ම ඉක්මනින් තේරුම් ගන්න පුලුවන් උනා....

" ආ.....මට අමතක උනා..කොහොමත් හ්‍යොන්ග් මීට කලින් කාවවත් කිස් කරලා නෑනෙ...නේද ?? "

ජින් හිටියෙ ලැජ්ජාවෙන් වගේ නිහඩවම බිම බලාගෙනමයි...ටික වෙලාවක් ජින් දිහා බලාගෙන හිටපු ටේ ජින්ගෙ අතකින් හෙමින් අල්ලගත්තා..

" ඇත්තටම ඔයාගෙන් ඒ වගේ දෙයක් මාත් කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ හ්‍යොන්ග් ...ඔයා හැමවෙලේම මාව පුදුම කරනවා .....මට කවදාවත් .....කිසිම දවසක......ඔයාව තේරුම් ගන්න බැරිවෙයි...."

Until we will meet again🖤(Completed)Where stories live. Discover now