Chapter 24

1.5K 331 34
                                    

" ආයිශ්...කවුද මේ උදේ පාන්දරම...හරි කරදරයක්නේ...."

අවුල් වෙච්ච කොන්ඩෙ අතරින් ඇගිලි යවමින් ටේ වැනි වැනී දොර ගාවට ගිහින් දොර ඇරියා...දොර ගාව හිටගෙන හිටියෙ ටේ කී‍යටවත් බලාපොරොත්තු නොවුන කෙනෙක්....

අත් දෙකත් කලිසම් සාක්කුවල දාගෙන දොර ගාව හිටගෙන හිටියෙ ජින්...

ගල් වෙලා වගේ ජින් දිහා තත්පර කීපයක්  බලාගෙන හිටපු ටේට ඊලග මොහොතෙ මතක් උනේ මේ වෙලාවෙ තමන්ගෙ පෙනුම..
ඒ එක්කම කලබල උන ටේ එකපාරටම ජින්ගෙ මූන ඉස්සරහ පිටම දොර වහලා දැම්මෙ ජින් ඇතුලට එන්නත් කලින්..
ඊටපස්සෙ කලබලයෙන් ඇද ගාවට දුවලා ගියපු ටේ ඇද ගාව බිම වැටිලා තිබුනු කලිසම අහුලගෙන තමන් ඇදගෙන හිටපු කොට ශෝටට උඩින් ඇදගත්තේ එළියෙ හිටපු ජින්ට ඇහෙන්න කතා කරමින්..කලබලේ වැඩි කමට ටේට කලිසම ඇදගන්නත් බෑ..

" යා.....හ්‍යොන්ග් ...ඔයා කොහොමද මම ඉන්න තැන හොයාගත්තෙ?? මම ඔයාට ලිපිනය කිව්වෙවත් නෑනෙ...."

යාන්තන් කලිසම ඇදගත්තු ටේ ඊලඟට ලග තිබුනු පොඩි කන්ණාඩියක් දිහා බලාගෙන යාන්තමින් කොන්ඩෙ ටිකක් පිළිවෙලට හදාගත්තා...

" හ්‍යොන්ග්.....ඔයා ඊයෙ මාත් එක්ක මගෙ පස්සෙන් ආවද?? "

ජින් එළියෙ හිටගෙන හිටියේ ටේගෙ කිසිම ප්‍රශ්නෙකට උත්තර නොදී...
අන්තිමේදි විනාඩියකින් විතර ටේ දොර ඇරියේ තමන්ගෙ පෙනුම ගැන සෑහීමකට පත් උනාට පස්සෙ....

ජින් තවමත් දොර ගාව හිටගෙන හිටියෙ අත් දෙක සාක්කුවල දාගත්ත ගමන්මයි...

" හ්‍යොන්ග් ....දැන් එන්න..."

ටේ දොරෙන් පැත්තකට වුනේ ජින්ට ඇතුලට එන්න ඉඩ දීලා...
නිහඩවම ඇතුලට ආව ජින් සාලෙ මැද්දෙ හිටගෙන  වටපිට බලන්න ගත්ත විදිය දැකලා ටේට දැනුනේ පොඩි ලැජ්ජාවක්....
ගෙදරට ඇවිත් වැඩි කාලයක් නැති නිසා ටේ තාම බඩු අස්කරගෙනවත් තිබුනෙ නෑ..ඒ නිසා ගෙදර තිබුනෙ ගොඩක් අපිළිවෙල පාටට...කම්මැලිකම නිසා ටේට ඒවා අස් කරන්නවත් කිසිම  උවමනාවක් තිබුනෙ නෑ...
දැන් නම් ටේට හිතුනේ තමන් කලින්ම ඒ ටික අස්කරානම් කොච්චර හොදද කියලා..

Until we will meet again🖤(Completed)Where stories live. Discover now