💜️Chapter 7💜️

1.9K 383 48
                                    

ලග ලගම එන Exam නිසා ටේ දැන් වෙනදාටත් වඩා මහන්සි වෙලා පාඩම් වැඩ කරා..ජිනුත් ඉස්කෝලෙ ගිහින් ගෙදර ආවට පස්සෙ තමන්ගෙ කාමරෙන් එලියට ආවෙ කලාතුරකින්..ටේට ඕනෙ උනේ පලවෙනි  exam එකෙන්ම හොද result එකක් අරන් නූනාට පෙන්නන්නයි.😁
    ටේගෙ පන්තියේ ටීචර් ලමයින්ට project එකක් පැවරුවා..project කරන්නනම් ටේ එතරම් ආස නෑ..ඒත් ඉතින් කරන්නත් ඕනෙනෙ..😕
    ටේ ජින් එක්ක ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා..ගෙදරට ආව වෙලාවෙ ඉදන් ටේ කියව කියව ජින්ගෙ පස්සෙන්මයි.
    " හ්‍යොන්ග්..අද අපේ ටීචර් අපිට project එකක් කරන්න බාරදුන්නා..හ්‍යොන්ග් මීට කලින් ඒක කරලා තියෙනවා නේද ?? "
ජින් කිසි දෙයක් නොකියා පඩිපෙල නැගගෙන ගියා..
  " හ්‍යොන්ග්..ඔයා මට ඒක කරන්න උදව් වෙන්නකො..අපි එකට ඒක කරමු..මම ඒවාගෙ දේවල් කරන්න ඒ තරම් ආස නෑ...අනේ හ්‍යොන්ග්...ඔයා උදව් වෙනවානෙ..?? හ්‍යොන්ග් ..කියන්නකෝ...."
ජින් අත් දෙකත් සාක්කුවේ දාගෙන හෙමින් හෙමින් පඩිපෙල නැග්ගෙ නිහඩවමයි..
   "අරස්සෝ ..අරස්සෝ ..හ්‍යොන්ග්..ඔයා සද්ද නැතුව ඉන්නවා කියන්නෙ උදව් කරන්න කැමතී කියන එක කියලා මම හිතාගන්නම්..හරිද?? "
  පඩිපෙල නැගලා තමන්ගෙ කාමරේට ගියපු ජින් හැදුවෙ දොර වහගන්න..ඒත් ජින්ගෙ දොරට අත තියාගත්තු ටේ තවමත් කියවනවා..
   " හ්‍යොන්ග්..ඒක නෙවෙයි..හෙට ඉස්කෝලෙත් නිවාඩු නිසා අපි අද රෑට ෆිල්ම් එක බලමුකො..දන්නවද මම තාම ඒක බැලුවෙ නෑ..මට තනියම ෆිල්ම් බලන වැඩේ හරිම කම්මැලී..අනේ හ්‍යොන්ග්..අපි බලමුකෝ..අනේ අනේ අනේ....!!!! "
ටේ එක දිගටම කියවගෙන ගියේ ජින්ට දොරවත් වහන්න ඉඩ නොතියා..ජින් ටේ දිහා ටික වෙලාවක් බලන් හිටියෙ මූනෙ කිසිම හැගීමක් නැතුව...ඊට පස්සෙ එයා ටේගෙ අත හෙමින් දොරෙන් පැත්තකට කරලා දොර වහගත්තා...
   " ආයිශ්..හ්‍යොන්ග් ඔයා නම් හරිම බෝරින් .."
ටේ දොර ඉස්සරහට වෙලා කෑගහලා අන්තිමේදි තමන්ගෙ කාමරේට ගියේ ජින් කිසිම දෙයක් කිව්වෙ නැති නිසා..
☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘

   කාමරේට වෙලා පාඩම් කර කර හිටපු ටේ රෑ වෙද්දී නැගිටලා පහලට ආවෙ කෑමට මොනවහරි හදන්න හිතාගෙන..ටේ පහලට ඇවිත් ටික වෙලාවකින්ම ජිනුත් පහලට ආවා..ජින් සාලෙට ගිහින් සෝෆා එකේ වාඩිඋනේ පොතකුත් අතට අරගෙන..ටේ ජින්ටත් එක්ක රාමෙන් පිගන් දෙකක් හදලා සාලෙට අරන් ආවා..
  " හ්‍යොන්ග්...මෙන්න මම ඔයාටත් හැදුවා.."
ටේ රාමෙන් එක මේසය උඩින් තියලා ජින් ගාවම වාඩි උනා..
  " හ්‍යොන්ග්..නූනා ඉක්මනින්ම මැරි කරයි නේද?? මම එයාගෙ bf ව දැක්කා..එයා ඒ තරම් වරදක් නෑ..ඒත් හ්‍යොන්ග් වැඩක් දන්නවද? එයා අපේ අයියා තරම් නම් ලස්සන නෑ..."
ටේ හුරතල් විදියට හිනා උනා..
  " හ්‍යොන්ග් දන්නවද හැමෝම කිව්වෙ අයියායි මායි එක වගේමයි කියලා...හරියට නිවුන් සහෝදරයෝ වගේ..එයයි මායි එකම උස.."
ටේ කතා කරේ අයියා ගැන ලොකු ආදරයකින්..ජින්ට ටේගෙ මූන දිහා බලන්න උවමනා උනත් එයා නිහඩවම කන එකත් නවත්තලා රාමෙන් එක දිහාම බලන් හිටියා..
" හ්ම්ම්..මට එයාව ගොඩක් මතක් වෙනවා.."
ටේ ටික වෙලාවක් නිහඩව හිටියෙ හරියට වෙන ලෝකෙකට ගියා වගේ.ටේ තව මොනවහරි කියයි කියලා ජිනුත් බලාගෙන හිටියා..ටික වෙලාවකින් ටේ කල්පනාවෙන් මිදිලා ජින් දිහාට හැරුනා
" හ්‍යොන්ග් කාලා ඉවරද?? "
ජින් සෝෆා එකෙන් නැගිට්ටෙ රාමෙන් පිගාන හෝදන්න..ටේත් නැගිටලා ජින්ගෙ පස්සෙන් කුස්සියට ආවා..
   " හ්‍යොන්ග්..කාලා ඉවරනම් අපි ෆිල්ම් එක බලමු..අනේ බෑ කියන්න එපා..ඔයා ඒකට අනිවාරෙන් කැමති වෙයි..හ්‍යොන්ග් දන්නවද මම ෆිල්ම් එක බලද්දී අපිට කන්න snacks ගෙනාවා.."
  ජින් පිගාන හෝදලා ආපහු ගිහින් සෝෆා එකෙන් වාඩි උනේ තමන් ෆිල්ම් එක බලන්න කැමතී කියලා පෙන්නන්න වගේ. ඒක දැකපු ටේගෙ ඇස් සතුටින් දිලිසුනා..
  " මම දැනගත්තා හ්‍යොන්ග් එනවා කියලා..ඉන්න මාත් එනවා.."
ටේ ඉක්මනින් පිගන් අස් කරලා snacks packet වගයක් එක්ක බීම ටින් දෙකක් අරගෙන දුවගෙන ඇවිත් මේසෙන් තිබ්බා..ඊට පස්සෙ Cd එක ප්ලේ කරපු ටේ සෝෆා එකේ ජින් ගාවින් වාඩි උනා..
   හ්‍යොන්ග්..අපි සෙල්ෆි එකක් ගමු..අදනෙ අපි ඉස්සෙල්ලාම එකට ඉදන් ෆිල්ම් එකක් බලන්නෙ..ආ..මගෙ ෆෝන් එක මගෙ කාමරේ..කමක් නෑ ඔයාගෙ එක දෙන්නකෝ.."
   ජින් මොනවත් කියන්නත් කලින් ටේ ජින්ගෙ ෆෝන් එක උදුරගෙනත් ඉවරයි..කැමරාව ඔන් කරපු ටේ සෙල්ෆිය ගන්න ෆෝන් එක උඩට ඉස්සුවා..
  " හ්‍යොන්ග්..මම ගන්නයි යන්නෙ..කෝ බලන්නකෝ.."
ජින් ටීවී එක දිහාම බලාගෙන හිටියෙ කිසිම දෙයක් නොකියා..ටේ ජින් දිහාවට හැරිලා කතා කරේ අමනාපෙන් වගේ..
   " යා...... හ්‍යොන්ග්..පොඩ්ඩකට බලන්නකෝ...අරස්සෝ..හිනාවෙන්න එපා..නිකන්ම බලාගෙන ඉන්න..ඔන්න මම ගන්නවා.."
ටේ ආයෙත් ෆෝන් එක ඉස්සුවත් ජින් නිකමටවත් හැරිලා ඒ දිහා බැලුවෙ නෑ..අත් දෙකත් බැදගෙන ඉස්සරහම බලාගෙන හිටියා..
  " ආයිශ්..හ්‍යොන්ග්..ඔයා නම් හරිම බෝරින්.."
ටේ කෑගැහුවත් ජින් ගානකටවත් ගන්නෙ නැතුව ටීවී එක දිහා බලාගෙනම හිටියා..ටික වෙලාවක් දුක හිතෙන විදියට ජින් දිහා බලන් හිටපු ටේ අන්තිමේදි ෆෝන් එක උස්සලා අහක බලන් ඉන්න ජින්වත් වදින විදියට සෙල්ෆියක් අරගත්තෙ කරන්න දෙයක් නැති නිසා...
  " බලන්නකො..ඒකෙ මගෙ ලස්සන..වාව්.!!!!.ශිට්..හ්‍යොනුත් කැමරා එක දිහා බැලුවානම් මේ සෙල්ෆිය කොච්චර ලස්සනයිද? හ්‍යොන්ග් නම් හරිම නපුරුයි..අයිගෝ..බලන්නකො මේ ෆොටෝ එකෙත් බුම්බගෙන අහක බලාගෙන ඉන්න හැටි..කමක් නෑ ඒකෙ මම ලස්සන නිසා මට ඒක හ්‍යොන්ග් පස්සෙ එවන්න.."
ටේ ආපහු ෆෝන් එක ජින්ට දුන්නා..
" ආ..ඔන්න කතාව පටන් ගත්තා..."
කියවිල්ල නවත්තපු ටේ සෝෆා එකට හොදට හේත්තු වෙලා වාඩි උනේ ෆිල්ම් එක බලන්න ලෑස්තියෙන්..
ඒක කොමඩි ෆිල්ම් එකක්..පටන් ගත්ත වෙලේ ඉදන් ටේ නම් හොදටම හිනා උනා..ඒත් අත් දෙකත් බැදගෙන පුටුවට හේත්තු වෙලා හිටපු ජින්ට නම් කතාවෙ කිසිම විහිලුවකට හිනා ගියේ නෑ..
ටේ හිනා වෙවී ඉන්න අතරෙ ජින් දිහා බැලුවා...ජින්ගෙ මූනෙ හිනාවක් නොතිබ්බට ජින් කතාව බලලා සතුටු වෙනවා ඇතී කියලා ටේට හිතුනා..ටේට උවමනා කරේ හැමවෙලේම හැමදේම හිතේම තියාගෙන විදවමින් ඉන්න ජින්ගෙ හිතට මොන විදියකින් හරි සතුටක් ගේන්න. ඒ ටේ හැමවෙලේම ජින් ගැන හුගාක් වදඋන නිසා..ඒ නිසාම ජින් තමන් එක්ක එකට ෆිල්ම් එකක් බලන එක ගැන ටේගෙ හිතට දැනුනෙ අමුතුම විදියෙ සතුටක්..ජින් දිහා බලාගෙන ඉන්න ටේගෙ මූනෙ හිනාවක් ඇදුනෙ ඉබේමයි...ටික වෙලාවක් ජින් දිහා බලාගෙන කල්පනා කරපු ටේ ආපහු ටීවී එක දිහා බලන් ෆිල්ම් එකට අවධානය දුන්නා..

Until we will meet again🖤(Completed)Where stories live. Discover now