Chapter 18

1.6K 361 27
                                    

අඩියට දෙකට පඩිපෙල නැග්ග ජින් පැසේජ් එක කෙලවරේ තිබුන ටේගෙ කාමරේ ඉස්සරහට ආවා..ඊට පස්සෙ ගැහෙන හදවතින් දොර බෝලය කරකවලා දොර ඇරපු ජින් එකපාරටම ටේගෙ කාමරේ ඇතුලට ආවා...

දොර ගාව හිටගත්ත ජින්ගෙ ඇස් වේගයෙන් කාමරේ පුරාම දිවගියා..ඒත් ඒ ඇස් එක්වරම නැවතුනේ....ඇද පාමුල බිම වැටිලා හිටිය ටේ දැක්කට පස්සෙ..ජින් ඇස් හීනි කරගෙන ටේ දිහා බැලුවා...
ටේගෙ එක අතකින් නොනවත්වාම ලේ ගලමින් තිබුනා..ඒ ලේ බිම අතුරලා තිබුන කාපට් එක තෙත් කරගෙන හෙමින් කාමරේ පුරා ගලා යමින් තිබුනේ බිම අදුරු රතු පැහැති චිත්‍රයක් මවමින්..
ටේගෙ අනික් අතේ තිබුනේ කුඩා නමුත් තියුණු බ්ලේඩ් තලයක්..ඒක දැක්කම ජින්ට සියල්ලම තේරුම් ගන්න ගතවුනේ තත්පර කීපයයි..

"ටේ...!!!!!!....."

ජින් වේගයෙන් ටේ ගාවට දුවගෙන ආවා..දුවගෙන එද්දි ටේ තමන් දිහා බලාගෙන තමන්ගෙ වෙවුලන තොල් වලින් යමක් කියන්න හදන බව ජින්ට තේරුම් ගියා..

" හ්...හ්‍යොන්ග්....."

යාන්තමින් මුමුණපු ටේ එක්වරම සිහිසුන් වුනේ ජින් ටේ ගාව දණගහගද්දිමයි...
ටේ ගාව දණගහගත්ත ජින් දිගින් දිගටම ටේට කතා කරා..

" ටේ...නැගිටින්න..මොකක්ද ඔයා මේ කරේ??... ටේ..!!!! "

ඒත් ජින් කතා කරන හඩ තවදුරටත් ටේට ඇහුනේ නෑ...ටේගෙ ටිකෙන් ටික සුදුමැලි වෙන මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජින්ට ටේගෙ තත්ත්වය එන්න එන්න බරපතළ වෙන බව තේරුම් ගියා..
තවත් කල් නොගෙන ජින් එක්වරම තමන්ගෙ කමිස අත තදින් දෙපැත්තට ඇදලා පටියක් ඉරාගත්තා..ඊලඟට ටේගෙ මැණික් කටුවෙ තුවාලය ගාවින් රෙදි පටිය තදින් ගැටගහපු ජින් ටේගෙ උරහිස වටේ අතක් යවලා තදින් අල්ලගෙන ටේව අත් දෙකින් ඔසවගෙන නැගිට්ටා.. බාගෙට වැහිලා තිබුනු දොර පයින් පාරක් දීලා ඇරගත්ත ජින් කාමරෙන් එළියට ඇවිත් ටේවත් ඔසවගෙන වේගෙන් වුනත් පරිස්සමෙන් පඩිපෙල බැහැගෙන පහල තට්ටුවට ආවා..

පාරට ආව ජින් අත් දෙකින් ටේවත් ඔසවගෙනම පාර දිගේ වේගයෙන් ඉස්සරහට දිව්වෙ වාහනයක් හම්බවෙනකල්..ඒත් ඒ වෙලාවෙ පාරෙ වාහනයක් තියා මනුස්සයෙක් වත් හිටියෙ නෑ..
හති දාගෙන දුවන ගමන් ජින් ටේ දිහා බැලුවා..ටේගෙ මූන එන්න එන්නම අලු පාටට හැරෙමින් තිබුනා..

Until we will meet again🖤(Completed)Where stories live. Discover now