Chapter 17

1.6K 327 26
                                    

දැන්නම් ටේට ඉස්කෝලෙ ගමන එන්න එන්නම එපා වෙමිනුයි තිබුනේ..ඉස්කෝලෙ ගමන විතරක් නෙවේ...වෙලාවකට ටේට තමන්ගෙ ජීවිතේ පවා එපා වෙලයි තිබුනේ...
ටේට වුන කරදර වල කෙළවරක් නැතිවුනා..හැමවෙලේම වගේ ටේට ඉස්කෝලෙ ළමයින්ගෙ විශේෂයෙන්ම තේ වොන්ගෙ කරදර හිරිහැර අපහාස වලට ලක් වෙන්න සිද්ධ වුනා..
නොකරපු වරදක් නිසා මේ තරම් අපහාස විදින්න සිද්ධ වුන එක තව දුරටත් ටේට දරාගන්න බැරි වුන තරම්...

මුලු ඉස්කෝලෙ කාලයෙම තමන් එක්ක වචනයක් වත් කතා කරන්න , තමන්ගෙ සැප සනීප අහන්න කිසිම කෙනෙක් තමන් ලගට එන්නෙ නැති උනාම , හැමවෙලේම අපහාස විදින්න සිද්ධ වුනාම දැනෙන හැගීම කොයි වගේ එකක් වෙන්න ඇතිද ??
ඒ හැගීම ටේගෙ හිතට දැන් ඕනෑවටත් වඩා දැනෙන්න අරගෙනයි තිබුනේ..
මේ ප්‍රශ්න නිසා ටේට හිත එකග කරගෙන හරියට තමන්ගෙ පාඩම් වැඩ වත් කරගන්න හැකියාවක් තිබුනේ නෑ..

මේ අතරෙම නූනාටත් හදිසියේම ඇමෙරිකා යන්න සිද්ධ වුනා...එයාගෙ හස්බන්ඩ්ට වුවමනා වෙලා තිබුනේ ඉක්මනින්ම කොරියාවෙන් පිටවෙන්න..
පිටවෙන්න තිබුනු දවසට කලින් දවසෙ නූන ටේවයි ජින්වයි බලන්න ගෙදර ආවා.එදා නූනා හොදටම ඇඩුවා..
නූනා ටේට වුන සිද්ධියෙන් පස්සෙ ටේ ඉස්කෝලෙදි මූණ දෙන ප්‍රශ්න ගැන දැනගෙන හිටියේ නෑ..ටේත් ඒ දේවල් නූනාගෙන් හැංගුවෙ තවත් නූනාට වද දෙන්න බැරි නිසායි..නූනාට දැන් වුවමනා තමන්ගෙම කියලා අලුත් ජීවිතයක්..ටේට හීනෙකින්වත් ඒ ජීවිතේ ට බාධා කරන්න ඕනෙ වුනේ නෑ..
ඒත් නූනාට ටේගෙ මැලවුන මූණින් නම් ටේ දුකින් ඉන්නෙ කියලා තේරුනා..

" ඔය දෙන්නට දැන් ඔය දෙන්නා විතරයි ඉන්නෙ...එකිනෙකා ගැන හොයලා බලලා සතුටින් ඉන්න...මම ඉක්මනින්ම ඔයාලවත් ඇමෙරිකා ගෙන්න ගන්නවා..එතකල් ඉවසන්න ..."

නූනා කිව්වෙ දෙන්නාවම වැළද ගනිමින්..
ඒ වගේම නූනා ජින් එක්ක ටේ ගැනත් කතා කරා..

" පේන විදියට ටේ තාම ඉන්නෙ දුකින් වගේ ජින්..එයා ලේසියෙන් ප්‍රශ්නයක් අමතක කරන කෙනෙක් නෙවෙයි..එයා අනිවාරෙන් මානසිකව වැටිලා ඇති..ඒ නිසා එයා ගැන හොයලා බලන්න..එයා තාම පොඩි ළමයෙක්නෙ.."

Until we will meet again🖤(Completed)Where stories live. Discover now