Chapter 15

1.6K 358 41
                                    

ජින් එක්ක වෙනදා වගේම ඉස්කෝලෙ ආව ටේ පන්තියේ තමන්ගෙ පුටුවෙන් වාඩි වෙලා නිහඩවම යන එන ළමයි දිහා බලාගෙන හිටියෙ කවුරුමහරි  තමන් එක්ක කතා කරන්න එයි කියලා හිතාගෙන..ඒත් කිසිම කෙනෙක් තමන් එක්ක කිසිම දෙයක් කතා නොකර තමන් දිහා අමුතු විදියට බල බල යන විදිය දැකපු ටේ සුසුමක් හෙලලා ඩෙස් එකේ ඔලුව තියාගත්තා...

" තාමත් ඒ වගේමයි...."

තමන්ටම කියාගත්ත ටේගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි තරමේ දුකක්..ටේට කවදාවත් මේ විදියට තනියම ඉදලා පුරුද්දක් තිබුනේ නෑ.දැන් නම් ටේට ඉස්කෝලෙ එන එකත් හොදටම එපා වෙලා වගෙයි දැනුනේ..

පන්තියේ එලියට වෙලා හිටපු තේ වොන් දැකපු ටේ ට , තේ වොන් group එකේ කියලා තිබුනු බොරු ගැන අහන්න වුවමනා උනත් ඒ ගැන අහන්න තරම් ශක්තියක් ටේට තිබුනේ නෑ..ටේ ඇත්තටම තේ වොන්ට බයයි...😔
ඒත් නූනා පොලීසියට සල්ලි ගෙවලා ටේව නිදහස් කරා කියන බොරුව සුලු දෙයකුත් නෙවේ..ටේ මේ ගැන නූනාටවත් ජින්ටවත් නොකියා ඉන්න තීරණය කරෙත් තමන්ගෙ වැඩ නිසා තවත් එයාලට වද දෙන්න බැරි නිසයි ...
සෑහෙන වෙලාවක් කල්පනා කරපු ටේ අන්තිමේදි කොහොමහරි හිතට ශක්තිය අරගෙන විවේක වෙලාවෙදි තේ වොන්ව හොයාගෙන ගියා ..

" තේ වොන්...මම...ඔයාගෙ group එකේ මැසේජ් කියෙව්වා...ඔයා ඇයි නූනා මාව පොලීසියට සල්ලි ගෙවලයි නිදහස් කරේ කියලා බොරු කටකතා group එක පුරා පතුරලා තියෙන්නෙ...දන්නවද ඒ නිසායි මුලු ඉස්කෝලෙම කිසිම ලමයෙක් මාත් එක්ක කතා නොකරන්නෙ...අනේ...කරුනාකරලා ඒවා බොරු කියලා කියන්න...කරුනාකරලා....."

තේ වොන් තමන්ගෙ පුටුවෙන් නැගිට්ටෙ හිනාවෙවී..ඒ වෙලාවෙ පන්තියේ ඒ තරම් ලමයි හිටියෙත් නෑ...

" යා.....ටේ ඇවිත් මට වදින හැටි බලනවකො  "

තමන්ගෙ යාලුවොන් දිහා බල බල කියපු තේ වොන් එකපාරටම ටේගෙ කමිසෙන් අල්ලගෙන ටේව තමන් දිහාට ඇදලා ගත්තා...

" තමුසෙ එක්ක ඉස්කෝලෙ කිසිම ලමයෙක් කතා කරන්නෙ නැද්ද ?? ඉතින් මට මොකෝ ??? මට ගානක්වත් නෑ...දන්නවද මට ඕනෙ උනෙත් ඒකම තමයි...තමුසෙගෙ හුලං දැන් සම්පූර්ණයෙන්ම බැහැලානෙ නේද ??එහෙම වෙලත් තමුසෙ මට කරන්න ඕනෙ දේවල් කියවගෙන තාමත් එන්නෙ කොහොමද ආහ්...??? මුලු ඉස්කෝලෙ හැමෝටම දැන් තමුසෙව පේන්නෙ කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාශ කරපු ජරා මනුස්සයෙක් විදියට විතරයි..ඒ නිසා තමුසෙගෙ සීමාවෙ ඉන්නවා...."

Until we will meet again🖤(Completed)Where stories live. Discover now