Chapter 20

1.5K 331 67
                                    

ජින් කුඩෙත් ඉහළගෙන මිදුලට වෙලා තවමත් හිටගෙන හිටියේ තමන්ට පිටුපාලා හිටපු ඒ කෙනා දිහා බලාගෙන.

" ටේ...!! ?? "

එළියේ දොර ගාව හිටගෙන හිටපු ටේ ගැස්සිලා ජින් දිහා හැරිලා බැලුවා....ටේ කොහෙදෝ යන්න ලෑස්තියෙන් ඇද පැළදගෙන හිටියා..කොහෙද යන්න හදන්නෙ කියලා ජින්ට අහන්න වුවමනා උනත් ජින් ඊලඟට දැකපු දේ නිසා ජින්ට අහන්න හදපු ප්‍රශ්නෙත් අමතක වෙලා ගියා..

දොර ගාව බිම තිබුනේ ටේගෙ සූට් කේස්..හරියට ටේ මේ ගෙදරට ආව පළවෙනි දවසෙ වගේ...ජින් බිම තිබුනු සූට් කේස් දිහා බලාගෙන ඉදලා ඊලඟට ටේ දිහා බැලුවේ කිසි දෙයක් හිතාගන්න බැරි බැල්මකින්...ඒ දැකපු ටේ හිනාවෙන්න උත්සහ කරමින් කතා කරා..

" හ්‍යොන්ග්...මම....හිතුවා...ඔයා..අද රෑ පන්තියටත් ඉන්නවා ඇතී කියලා..ඒත් ඔයා ඉක්මනින්ම ඇවිත්නේ..."

" මොකක්ද මේ වෙන්නෙ..?? "

ටේ කියපු දේ ගානකට නොගත් ජින් එක්වරම ඇහුවා..
ටේ ටික වෙලාවක් නිහඩව හිටියෙ මොනවත් කියාගන්න බැරුව වගේ...ජින් තවමත් හිටියේ කුඩෙත් ඉහළගෙන වැටුනු හිම අතරින් ටේ දිහා බලාගත්ත ගමන්..

" ඇත්තටම හ්‍යොන්ග්...මේ ගෙවුන ටික කාලෙට ගොඩක් දේවල් වුනා..හොද දේවල් වගේම හිතාගන්න බැරි තරම් නරක දේවල්..මම දන්නවා..ඒ හැමදේටම හේතුව වුනේ මම..මමයි ඒ හැම වැරැද්දක්ම කරේ..මම විතරමයි හ්‍යොන්ග්...ඉතින්....දැන් ඒ හැමදේටම මූන දෙන්නත් ඕනෙ මමම විතරයි..."

ජින් තවමත් ගල් ගැහිලා වගේ බලාගත් වනම ටේ දිහා බලාගෙන හිටියා..

" මේ කාලෙදි හ්‍යොන්ග්..මම නිසා විදපු කරදර හිතාගන්න බැරි තරම්..මම හැමවෙලේම හිතුවේ හ්‍යොන්ග් කා ගැනවත් හිතන්නෙ නෑ කියලා..ඒත් හ්‍යොන්ග්..මට නොපෙන්නා මම ගැන හිතලා වද විදපු විදිය මම හොදින්ම දැක්කා..ඒක දැකලා මට හිතුනා මම කරගත්තෙ ලොකු මෝඩ වැඩක් කියලා...ඒ වැරැද්ද හරි ගස්සන්නයි........මම තීරණය කරේ මෙහෙන් යන්න...."

ජින්ට එකපාරටම දැනුනේ තමන්ගෙ පපුව නතර උනා වගේ හැගීමක්...ජින් කුඩෙත් ඉහලගෙනම අඩි කීපයක් ඉස්සරහට තියලා ටේ ගාවට ඇවිදගෙන ආවා..

Until we will meet again🖤(Completed)Where stories live. Discover now