Chapter 8

1.7K 359 21
                                    

ජින් එක්ක වෙනදාට වඩා කලින් ඉස්කෝලෙ ආව ටේ පන්තියේ යාලුවෝ එක්ක කතා කරමින් හිටියා..ඒ වෙලාවෙ පන්තිය ඉස්සරහින් ගියේ සූ මින්..සූ මින්ව දැකපු ටේ පන්තියෙන් එළියට ආවෙ සූ මින් එක්ක කතා කරන්න හිතාගෙන
" සූ මින්..කොහොමද ?? "
" ඔහ්..ටේ..කාලෙකින්..හොදයි..ඔයාට කොහොමද ? "
" මාත් හොදින්..සූ මින් "
ඒත් සූ මින් දිහා හොදට බැලුවම නම් පෙනුනෙ එයා එතරම් හොදින් නෙවේ කියලා..ටේ ඒ ගැන අහන්නත් හදලා ආපහු නිහඩ උනා..ඒත් ඊට කලින් සූ මින්ම කතා කරා..
" ආහ් ඒක නෙවේ ටේ..මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..මට මේක කියන්න වෙන පිරිමි යාළුවෙක් ඇත්තෙත් නෑ..ඒකයි මම හිතුවෙ මේක ඔයාට කියන්න.."

" ඔව් සූ මින්..කියන්න මොකක්ද ?? "

" මෙතන බෑ ටේ..අපි බෙන්ච් තියෙන පැත්තට යමුද? "
ටේ හැදුවෙ සූ මින් එක්ක එළියට යන්න
ඒත් එතකොටම පන්තියේ ඉදන් එළියට ආවෙ කරදරකාර තේ වොන්..
" ආ..ටේ..තමුසෙ කොහෙද යන්නෙ? "
තේ වොන් ඊලඟට බැලුවෙ සූ මින් දිහා.

" මේ ඉන්නෙ තමුසෙගෙ girlfriend ද? තමුසෙ ඉස්කෝලෙ එන්නෙ ඉගෙන ගන්න නෙවේද ?? "

"  තේ වොන්..!! මොනවද කියන්නෙ.?.එයා මගේ යාලුවෙක්.."

" ටේ..අපි පස්සෙ හම්බවෙමු.."
සූ මින් ටේගෙන් සමුඅරන් බිම බලාගෙනම එතනින් පිටවෙලා ගියේ තේ වොන් කියපු දේ නිසා කියලයි ටේ කල්පනා කරේ..
" යා...තේ වොන්..එයා මගෙ යාලුවෙක් විතරයි..ඇයි ඔයා එහෙම කිව්වෙ?? "
තේ වොන් අහක බලාගෙන හිනාවෙලා එකපාරටම ටේගෙ කමිසෙන් ඇදලා අල්ලගත්තා..
" යා....!!ටේ..තමුසෙ මම කියන්න ඕනෙ මොනවද කියලත් දැන් මට කියලා දෙන්න එනවද ? "
තේ වොන් හැදුවෙ ටේගෙ ඔලුවට පාරක් ගහන්න..ඒත් එතකොටම ටේගෙ පන්තියේ ටීචර් පන්තියට ආව නිසා ටේ ඒ වෙලාවෙ බේරුනා..
"උඹව පස්සෙ මම අල්ලගන්නම් මෝඩයා..."
තේ වොන් ටේට ඔරවලා කියාගෙන ගියේ ටේගෙ ඇගේත් හැප්පිලා..
"ආයිශ්...මෙයා නම් පුදුම කරදරකාරයෙක්..."
ටේ කල්පනා කරේ කේන්තියෙන්..මේ මෝඩයා නිසා සූ මින්ට එයා කියන්න හදපු දේත් කියාගන්න බැරිඋනා..ටේ වටපිට විපරම් කරේ සූ මින් පේන්න ඉන්නවද කියලා බලන්න..ඒත් සූ මින් කොහෙවත් පේන්න හිටියෙ නෑ..
" කොහොමහරි එයාව ආයෙ හම්බවෙලා අහගන්නවා..මට හොදටම විශ්වාසයි..එයා හිටියෙ ප්‍රශ්නෙක.."
තමන්ටම කියාගත්තු ටේ පන්තිය ඇතුලට ගියේ සුසුමක් හෙලමින්..

Until we will meet again🖤(Completed)Where stories live. Discover now